පරිගණක උපාංගවල මිල ගණන් අදහාගත නොහැකි ලෙස ඉහළ යමින් පවතින බව මේ වන විටත් ඔබ හොදින්ම දන්නා කරුණක් වනවා. ඔබට මතක් ඇති අප මීට පෙර වාර්තා කළා RAM හා SSD වලින් පසු, PSU හා CPU Cooler වලත් මිළ ඉහළ යන බවත්. මේ අතර අන්තර්ජාලය තුළ වාර්තා වන නවතම තොරතුරුවලට ඇතැම් SSDවල වටිනාකම දැන් ඒවායේ බරට සමාන රත්‍රන් ප්‍රමාණයක වටිනාකමටත් වඩා වැඩි වී ඇති බවට වාර්තා වනවා. අපත් සිදුකළ සොයා බැලීම්වලට අනුව මෙය හුදෙක් උපමාවක් නොව, වර්තමාන වෙළඳපොළ දත්ත අනුව ගණනය කළ සත්‍යයක් බව දක්වන්න පුලුවන්.
රත්‍රන් බර සහ SSD මිල සංසන්දනය
- රත්‍රන් මිල: දැනට රත්‍රන් ග්‍රෑම් එකක මිල දළ වශයෙන් ඩොලර් 155.42 ක් පමණ වනවා. (ජනවාරි 27)
- SSD බර: 8TB ධාරිතාවයකින් යුත් WD_Black SN8100 වැනි නවීන SSD එකක බර ග්‍රෑම් 7.5 ක් පමණ වනවා
මෙම WD_Black SN8100 වැනි SSD එකේ බරට සමාන (ග්‍රෑම් 7.5) රත්‍රන් ප්‍රමාණයක වටිනාකම ඩොලර් 1,165.65 ක් පමණ වන නමුත් මෙම 8TB SSD එක මේ වන විට අලෙවි වන්නේ ඩොලර් 2,300.49 ක් වැනි ඉහළ මිලකටයි. එනම් එම 8TB SSD මිලදී ගැනිමට වැය වන මුදලට වඩා අඩු මුදලකින් එහි බරට සමාන රත්‍රන් මිලදී ගැනීමට හැකි වනවා. සරලවම දක්වනවා නම් මෙම 8TB SSD එකෙහි වටිනාකම එහි බරට සමාන රත්‍රන් ප්‍රමාණයක වටිනාකමට වඩා 65% කින් පමණ වැඩියි.
ඔබ මේ දිනවල පරිගණකයක් අලුත්වැඩියා කිරීමට හෝ නව SSD එකක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් මෙය ඒ සඳහා එතරම් සුදුසු කාලයක් නොවන බව බොහෝ දෙනා දක්වනවා. මිල ගණන් පාලනය වන තෙක් හෝ නව සැපයුම් වෙළඳපොළට එන තෙක් රැඳී සිටීම වඩාත් ලාභදායී වනු ඇති බව ඒ අනුව දක්වන්න පුලුවන්. විශේෂයෙන්ම 8TB වැනි ඉහළ ධාරිතාවයකින් යුත් SSD සඳහා මේ වන විට ගෙවීමට සිදුවන මුදල සැබවින්ම "රන් බරින්" ගෙවන්නාක් මෙන් ඉතා අධික වනවා.
Source: https://www.bgr.com/2082075/ssd-worth-more-weight-gold/








