Loading...
ටික ටික ගෙවලා Starlink Dish මිලදී ගැනීම​ට මාසික වාරි​ක ගෙවීමේ ක්‍රමයක්

මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම Starlink Internet පිළිබඳව වැඩි කතාබහක් ඇති වි තිබෙනවා. ඒ අනුව SpaceX සමාගමත් ඔවුන්ගේ මේ සේවාව තව දුරටත් ජනප්‍රිය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

සාමාන්‍ය Starlink සම්බන්දතාවයක් මිලදී ගැනිමේදී Starlink kit එක සඳහා ඩොලර් 599ක මිලක් ගෙවිමට සිදු වන අතර මෙම මුදල එකවර ගෙවීමට අපහසු පාරිභෝගිකයින් වෙනුවෙන් මාසික ගෙවිමේ ක්‍රමයක් හඳුන්වා දීමට සුදානම් වනවා. ඒ අනුව ඔවුන් විසින් මාස 12කින් මෙම මුදල ගෙවිමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙන අතර ඒ ඔස්සේ ඩොලර් 50 බැගින් මාස 12කින් එම මුදල ගෙවිමේ පහසුකම ලැබෙනවා.

මෙයට අමතරව මීට පෙර ඇමරිකා එක්සත් ජනපද පාරිභෝගිකයින් සඳහා පළමු දින 30 සඳහා ඩොලර් 1ක මුදලකට Starlink Internet සේවාව භාවිත කිරිමේ හැකියාවත්, ඩොලර් 399කට පමණ refurbished Starlink dishes මිලදී ගැනිමේ හැකියාවනුත් ලබා දෙනු ලැබුවා. ඒ වගේම ඔවුන් විසින් මෙලෙස තම සේවාව ජනප්‍රිය කිරිමට හඳුන්වා දෙන දිමනා අනෙක් රටවලටත් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

Source: www.starlink.com