Starlink Internet ශ්රී ලංකාව සඳහා ලැබීමත් එක්ක සමහර තැන්වල සාකච්ඡාවට බඳුන් වෙන එක කරුණක් ලෙස වැස්ස වෙලාවට නැති නම්, අහසේ වළාකුළු සහිත විට මේ Starlink Internet සඳහා ගැටලුවක් වෙයිද කියන එක දක්වන්න පුලුවන්.
ඒ බොහෝ විට අප රට නිරන්තරයෙන්ම කාලගුණික් විපර්යාසයන්ට ලක්වන, නිරන්තර වැසි කාලගුණයන්ගෙන් සහිත රටක් වන නිසයි. එමෙන්ම බොහෝ විට Starlink Internet මෙන්ම Satellite හරහා ක්රියාත්මක වන Dialog TV සහ FreeSat වැනි රුපවාහිනි සේවාවන් සඳහා කාලගුණයෙන් එල්ල වන බලපෑම් දැනටමත් එම පාරිභෝගිකයින් අත්විදිමින් සිටින නිසා බවත් සිතන්න පුලුවන්.
Starlink සමාගම දක්වා ඇති ආකාරයට Starlink Internet Service එක Radio Signals ඔස්සේ ලබා දෙන නිසා දැඩි කාළගුණික තත්වයන් නිසා එම Signalsවලට යම් යම් බාදාවන් ඇති වි සුළු සේවා බිද වැටීම් සිදු විය හැකි වනවා.
ඔවුන් දක්වන ආකාරයට මේවා ඉතා තාවකාලික සේවා බිදවැටීම් (momentary service dropouts) වනවා. ඒ අනුව දැඩි වර්ෂාපතන අවස්ථාවලදී මෙලෙස යම් යම් බාධා එල්ල විය හැකියි. කෙසේ වෙතත් රුපවාහිනී වැනි සාම්ප්රදායික Satellite සේවාවන්ට එහා ගිය Starlink සඳහා යොදා ගෙන ඇති Laser Augment වැනි Advanced Technology නිසාවෙන් ඉතා අවම බාදාවක් වැසි තත්වයන් වැනි අවස්ථාවලදී බලාපොරොත්තු විය හැකි වනවා.
එමෙන්ම Ground Stations සහ User Terminals අතර සම්බන්ධතාව පවත්වා ගැනීමට Starlink Satellites සඳහා භාවිත කරන High Bandwidth Ku Band සහ Dual Band Ka Band සහ E Band Antennas නිසා වළාකුළු සහිත අහසක වුවද එතරම් සැලකිය යුතු බලපෑමක් ඇති නොවනවා. එනම් දැනට Satellite TV භාවිත කිරීමේදී ඔබට ඇති වන ගැටලු Starlink ඔස්සේ ඇති නොවනු ඇති බවට බලපොරොත්තු වන්න පුලුවන්. කෙසේ වෙතත් අධික ලෙස වළාකුළු පවතින අවස්ථාවකදී යම් යම් ආකාරයේ සුළු සුළු බිද වැටිම් බලාපොරොත්තු විය හැකියි.
නමුත් මේ පිළිබඳව ඇතැම් පුද්ගලයක් වැසි වෙලාවල සිදු කල පරීක්ෂණ වලදී නම් දැක්වෙන්නේ වැසිබර කාළගුණයකදී Starlink විවිධාකාරයෙන් ප්රතිචාර දක්වන ආකාරයයි. වැස්සේ ප්රමාණය සහ වැසි කුණාටු වලදී Starlink සබඳතාවය සම්පූණයෙන්ම බිඳවැටෙන ආකාරය පවා ඒවායේ සදහන් වනවා.
Source: www.starlink.com