Loading...
Telegram දසවන උපන්දිනය වෙනුවෙන් එන Stories

මේ වෙනකම් ලබාදුන්න විශාලතම Update එකත් එක්ක අද Telegram එයාගෙ 10 වෙනි උපන්දිනය සමරනවා. මේ පසුගිය දශකයක කාලය ඇතුලත Telegram අලුත්ම Features සිය ගණනක් ලබාදුන්නා වගේම, මේ වෙනවිට ඒවා මිලියන 800කට අධික පිරිසක් භාවිත කරනවා. ඉතිං මේ අලුත්ම update එකෙන් සියලුම පරිශීලකයන් වෙනුවෙන් Telegram Stories නිකුත් කරන්නේ, unique dual camera mode, granular privacy settings, flexible duration options සහ තවත් බොහෝ දේ සමඟින්.

Telegram Stories

Stories ඔයාට ඉක්මනින් moments බෙදාගන්න වගේම ඔයාගේ යාළුවන්ගෙ moments බැලීමටත් අවස්ථාව ලබාදෙනවා. මෙය මේ වෙනකොටත් Telegramහි අන්තර්ගතකර ඇත.

Stories, Telegram ඉතිහාසයේ වැඩිම ඉල්ලුමක් දැක්වූ Feature එක විදිහට තමයි සලකන්නේ. මේක මේ තරම්  innovative විදිහට සකස් කරන්න Telegram කණ්ඩායමට මාසයක පමණ කාලයක් ගතවෙලා තියෙනවා. Telegram Stories වල ඔයා කලින් බලාපොරොත්තු වූ හැමදේම වගේම, බලාපොරොත්තු නොවූ ගොඩක් දේවලුත් දැකගන්න පුළුවන්.

ඔයාගේ Display එකේ ඉහල තියෙන දිගහරින්න පුලුවන් කොටසක තමයි මේ Stories දැකගන්න ලැබෙන්නෙ. ඒක නිසා ඔයාට තවමත් Chat List එකේ සහ Foldersවල සම්පුර්ණ දිග ඒ විදිහටම බලාගන්න පුලුවන්.

Story එකක් නරඹන විට, ඉක්මනින් share කිරීම සදහා tap කිරීමට, පුද්ගලිකව පිළිතුරු දීමට හෝ react කිරීමට හැකිය. ඉක්මනින් react කිරීම සදහා ❤ මත tap කරන්න. නැතිනම් තවත් දහස් ගණනක reactions සදහා එය tap කරගෙන සිටින්න.

Default ආකාරයේදී, ඔයාට ඔයාගේ Contacts වල ඉන්න හැමෝගෙම stories ඔයාගෙ Home page එකේ දැකගන්න පුලුවන්. ඒ වගේම විශේෂිත Contacts වලින් stories සගවන්නත්, ඒවා ඔයාගේ Archived Chats වලට යවන්නත් හැකියාව තියෙනවා.

Dual Camera Mode

හැම කෝණයකින්ම scenes capture කර ගැනීමට, Stories තුලදී  ඔබේ device එකෙහි ඉදිරිපස සහ පසුපස කැමරාවන්ගෙන් එකවර ඡායාරූප හෝ වීඩියෝ ලබාගත හැකිය. පටිගත කරන අවස්ථාවේදී පවා කුමන කැමරාව යන්නේ කොතැනටද යන්න තෝරා ගැනීමට ඔබට ඉඩ සලසයි.

Stickers, Locations සහ Captions

Stories, Telegram හි බලවත්ම Media Editor එක භාවිත කරයි. ඔබට text, images, stickers එකතු කිරීමට හෝ ඔබේ location  tag කිරීමට ඉඩ සලසයි. එමෙන්ම stories captions සඳහා සහය දක්වයි - ඔබට දිගු text description එකක් ඇතුළත් කිරීමට, මිතුරන් tag කිරීමට හෝ links එක් කිරීමට හැකිය.

ඔබට Gallery එකෙන් පින්තූර කිහිපයක් එක් කළ හැකියි. නැතහොත් search භාවිතා කර web හරහා GIF සහ පින්තූර සොයා ගැනීමට හැකියාව පවතිනවා.

Granular Privacy Settings

Story එකක් පළ කිරීමේදී, ඔබට Everyone, My Contacts, Close Friends සහ Selected Contacts ලෙස පෞද්ගලිකත්ව සැකසුම් 4කින් තෝරාගත හැක. සෑම option එකක්ම සම්පූර්ණයෙන්ම Customize කළ හැකියි. ඔබට ඕනෑම user කෙනෙකු ඇතුළත් කිරීමට හෝ බැහැර කිරීමට මෙමගින් ඉඩ සලසාදෙයි.

ඔයාට ඔයාගෙ stories කිසිදා නොදකින පරිශීලකයින්ගේ ලැයිස්තුවක් ද තෝරාගන්න පුලුවන්. ඒක නිසා ඔයාගෙ boss ටත්, ආච්චි අම්මටත් ඔයාගේ Adventure Side එක බලාගන්න වෙන්නෙ නැහැ. 😉

Screenshots disable කිරීමෙන්, බලන අය ඒවා save කිරීම හෝ share කිරීම වළක්වමින් Stories වඩාත් රහසිගතව තබා ගැනීමට හැකියි.

Profiles වල Stories

ඔබේ කැමැත්ත අනුව Stories පැය 6, 12, 24 හෝ 48 සඳහා තැබිය හැකිය. ඔබට ඒවා ඔබේ profile එක වෙතද පළ කළ හැකිය. Old Contacts සහ New Contacts යන දෙකටම ඔබට අවශ්‍ය තාක් කල් අලංකාර Grid එක තුළ ඔබේ highlighted reel දැකිය හැකිය.

දැන් ඔයා Telegram වලින් නව පුද්ගලයින් මුණගැසෙන විට, ඔය එයාගේ profile photos කිහිපයක් විතරක් නෙවෙයි, ජීවිතයේ ආකර්ෂණීය ඡායාරූප කිහිපයකුත් දකිනවා.

ඔබ profile එකේ post කරන සෑම කතාවකටම වෙනම privacy settings තියෙනවා. ඒ නිසා ඔයාට සැමවිටම ඇතැම් අය දැකිය හැකි ඒවා පාලනය කරන්න පුලුවන්.

Stories Edit කිරීම

සමාජ මාධ්‍ය ඉතිහාසයේ පළමු වතාවට, ඔබට ඔබේ story එකෙහි ඕනෑම අංගයක් මුල සිට මකා දමා හෝ නැවත පළ කිරීමකින් තොරව, එහි දෘශ්‍යතාව, caption, තිරයේ ඇති Text, Sticker හෝ වෙනත් ඕනෑම දෙයක් ඕනෑම වේලාවක update කළ හැකියි.

ඔබේ stories edit කිරීමට, ඔබ එය පළ කළ device එකෙන් එය open කර ⋮ හෝ ⋯ > Edit Story මත tap කරන්න.

සවිස්තරාත්මක View Statistics

User කෙනෙකු Story එකක් open කරන විට, ඔවුන් story එකේ  authorට පෙනෙන read receipt වැනි viewers ලැයිස්තුවක දිස්වේ.

ඔබ story එකක් පළ කළ පසු, list එක බැලීමට එය open කළ හැකිය - ඔබට ඔබේ contacts පෙන්වීමට filter කළ හැකි අතර, recent views හෝ first reactions අනුව වර්ග කළ හැක. නිශ්චිත අයෙකු එය බැලුවේ දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, search bar එකේ ඔවුන්ගේ නම type කරන්න.

වැඩි නිර්නාමිකභාවය සඳහා, Premium usersලා හට Stealth Mode enable කළ හැක. එමගින් ඔවුන් පසුගිය මිනිත්තු 5 තුළ විවෘත කළ ඕනෑම story එකකින් ඔවුන්ගේ අදහස් මකා දමා, ඊළඟ මිනිත්තු 25 සඳහා ඔවුන් බලන දේ සැගවිය හැකිය.

…සහ තවත්

මෙම post එකට නොගැලපෙන සියලුම Story features පිළිබද දැනගැනීමට, Telegram Stories සඳහා වන මෙම සවිස්තරාත්මක මාර්ගෝපදේශය බලන්න.

Source: telegram.org