මේ වන විට ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඉන්දියාවේ චෙන්නායි සහ මුම්බායි නගර වල අන්තර්ජාල සම්බන්ධතාවලට බලපෑම් ඇතිවී තිබෙන බවට වාර්තා වෙනවා.
මේ පිළිබඳව පරිශීලකයෙකු විසින් Dialog ආයතනය වෙතින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් Dialog සමාගම පහත නිවේදනය පළ කර තිබෙනවා.
Hi Raghu, Sorry for the inconvenience caused. Had an interruption in the International submarine cable (Bay of Bengal) And Dialog HBB and Mobile You may experience a temporary loss of Data connectivity. The issue was sorted now.^Nadi
— Dialog Axiata (@dialoglk) February 14, 2022
මේ සඳහා හේතුව වී ඇත්තේ ඉන්දියන් සාගරය යටින් දිවෙන ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධතියේ බෙංගාල බොක්ක අවට කොටසේ දෝෂයක් මතු වීමයි.

නමුත් මෙය නැවත යථා තත්වයට පත් කිරීමට ගතවන කාලය සම්බන්ධයෙන් ස්ථිරව පැවසිය නොහැකි බව අදාළ ආයතනය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට Dialog ආයතනය විසින් ඔවුන්ගේ සේවාවන් යථා තත්වයට පත් කර තිබෙනවා.