Loading...
iOS 14 එක්ක ආපු අලුත්ම සුපිරි Unique Features

මේ වෙනකොට iOS 14 වල public beta එකත් release වෙලා තියෙන්නේ. ඉතිං ඉදිරියේදී නිකුත් වෙන්න තියෙන iOS 14 වල එන සුපිරිම unique features 03ක් ගැන තමයි අපි අද මේ ලිපියෙන් කතා කරන්නේ.

1. Sound Recognition

iOS 14 Update එකත් එක්ක හදුන්වා දුන්න අලුත්ම, මරැ Feature එකක් තමයි මේක.

ඒ කියන්නේ දැන් ඔයාගේ iPhone එකට ඔයා අවටින් ඇහෙන ශබ්ද මොනවද කියල අදුර ගන්න පුලුවන්.

සුරතල් සතුන්ගේ, ජලයේ, සයිරන් නලාවල  වගේ විවිධ ශබ්ද හදුනා ගන්න පුලුවන්. ඉතින් මේවගේ ශබ්දයක් හදුනා ගත්ත ගමන් ඒ සද්දේ මොකක්ද කියල අපිට අපේ Screen එකේ පෙන්නනවා.

පුසෙකුගේ ශබ්දය හදුනාගත් පසු මෙලෙස දිස් වේ.

ඉතින් මේක අපිට ගොඩක් වැදගත් Noise Cancellation Headphone එකක් පාවිච්චි කරන වෙලාවට, ඒ වගේම මේක ගොඩක් වැදගත් වෙන්නේ Game Play කරන වෙලාවට. මොකද PUBG, COD වගේ Games Play කරද්දි අපේ සම්පුර්ණ අවධානයම යොමු වෙලා තියෙනනේ Game එකටනේ.ඉතින් කවුරැ හරි ඇවිත් ගෙදර බෙල් එක ගැහුවත් අපිට ගානක් නැ, කෙටියෙන්ම කියනව නම් ගෙදර බලලා හපන්න ගියත් අපිට සිහි නැනේ. ඉතින් මේ Feature එක Game ගහන අපිට නම් අම්මගෙන් බැනුම් අහනනේ නැතුව Game play කරන්න උදව් වෙයි.

2. Recoding Indicator

මේක නම් අපේ Privacyවලට ගොඩක් උදව් වෙයි.

ඒ කියන්නේ අපේ Phone එකේ Camera එක හරි Microphone එක හරි Use වෙන වෙලාවට පුංචි ඩො⁣ට් එකක් විදිහට Screen එක උඩින් පෙන්නනවා. Camera එක Use වෙන වෙලාවට නම් මේ රැපයේ වගේ කොල පාට ඩොට් එකක්.

අපි Camera හෝ Microphone Use කරන්නේ නැති වෙලාවට අපේ Appවලින් ඒවා Use කරනව නම් මේ feature මගින් එක දැන ගන්න පුලුවන්.

3. Copy Paste Feature

අපි දවසකට කොච්චර දේවල් අපේ Clipboard එකට Copy කරනවද? ඒ සමහර ඒවා මොනවද කියල, කොහෙන්ද Copy කරේ කියල දැන ගන්න නම් Paste කරලම බලන්න ඕනේ. ඒත් සමහර වෙලාවට කොහෙන් Copy කරාද කියල මතක නැ.

මේ ගැටලුවට විසදුමක්  iOS 14 Update එකත් එක්ක ලැබිලා තියෙනවා.

ඒ කියන්නේ අපි කොහෙන් හරි Copy කර ගත්ත දෙයක් Paste කරද්දි ඒක Copy කරේ මොන App එකකින්ද කියල අපිට බලා ගන්න පුලුවන් වෙනවා.

Facebook app එක මගින් Copy කල යමක් Paste කිරිමේදි මෙලෙස එය Facebook මගින් Copy කල බව පෙන්වයි.