Loading...
Pinned Messages 2.0, Improved Live Locations, Playlists සහ තවත් විශේෂාංග රැසක් සමඟ Telegram 7.20.0 නිකුත් වේ

Telegram කියන්නෙ අද කාලෙ බහුතරයක් තරුන පරපුර පාවිච්චි කරන App එකක් කීවොත් නිවැරදිය. ඉතින් මේ Telegram App එකේ latest version එක දවස් කීපයකට කලින් release කරා. අපි අද කතා කරමු මොනවද මේ අලුත්  update එකත් එක්ක  ආපු විශේශතා කියලා.

Multiple Pinned Messages


තමන්ගේ ප්‍රධාන chatting app එක විදිහට telegram පාවිච්චි කරන කෙනෙකුගේ දවසකට අවම වශයෙන් Chats 150 / 200 ක ප්‍රමාණයක්වත් හුවමාරු වීමක් සිදුවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ අතරින් Telegram Groups / Channels වලින් දිනකට 1000 ඉක්මවා ගියපු Chat ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. ඒ වගේම ඉතා විශාල සාමාජිකයින් ප්‍රමාණයක් ඉන්න Group එකක නම් මොකක් හරි පණිවුඩයක් දැම්මොත් ඒක දකින්නෙ group එකේ ඉන්න සම්පූර්ණ ප්‍රමාණයෙන් 30% කටත් අඩු පිරිසක්. ඒකට හේතුව වෙන්නෙ පැයක වගේ කාලසීමාවක් ඇතුලත ඉතාමත් විශාල ප්‍රමාණයක පණිවුඩ හුවමාරුවයි.

ඉතින් මේ අලුතෙන් හඳුන්වාදීපු telegram multiple messages option එක use කරලා අපිට වැදගත් පනිවිඩ එකක් හෝ කිහිපයක් Chat screen එකේ pin කරලා තියන්න අපිට පුලුවන්. ඉතින් මේ feature එක නිසා Important messages මග ඇරෙන එක වලක්වා ගන්න අපිට පුලුවන්.

Live Location Alerts


අද කාලෙ වෙනකොට තමන් ආදරය කරන කෙනෙක් ඉන්න තැන දැනගන්න හෝ තමන් ආදරය කරන කෙනෙක් සිටින තැනකට යන්න අපි හැමෝම වගේ පාවිච්චි කරන Option එකක් තමයි Live location tracking කියන්නෙ. අපි අපේ මිතුරෙක් මුනගැසීමට යනවා කියා සිතමු. එවැනි අවස්තාවකදී අපිට නිතරම අපේ Phone එක අතට අරන් මිතුරා සහ තමන් අතර කොපමන දුරක් තියෙනවද කියලා නිතර නිතර පරීක්ශා කරලා බලන්න වෙනවා.

හැබැයි මේ Telegram Live Location Alert Option එක නිසා අපිට නිතර පරීක්ශා කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මේ option එකෙන් වෙන්නෙ අපි මිතුරාට සමීප වෙන දුර ප්‍රමානය අඩු වෙනවත් එක්කම විටින් විට අපේ phone එකට මේ හරහා notification එකක් ලැබෙන්න සැලැස්වීමයි. ඉතින් මේ Option  එක නිසා අපිට අපේ වෙලාව මෙන්ම Phone එකේ Battery / Data දෙකම ඉතුරු කරගන්න පුලුවන්.

Media Grouping

Media Grouping කියන්නෙත් telegram latest update එකත් එක්ක ආපු ගොඩක් වැදගත් feature එකක්. සාමාන්‍යෙන් අපි එකවර Photos / Videos කීපයක්ම Send කරනකොට  අපිට ඒ Media files ඔක්කොම එකම Album එකක් විදිහට තමයි දකින්න හම්බෙන්නෙ. ඉතින් මේ අලුත් feature එක නිසා අපිට අපි එක වර යවන Audio clips / Songs වගේ දේවල් ද එකම Play list එකක් යටතේ බලාගන්න පුලුවන් වගේම Autoplay Feature එක යටතේ  Playlist එකේ තියෙන හැම Audio clip එකක්ම එක දිගට play වෙන විදිහට හදන්නත් පුලුවන්.

මේ හැර තවත් වෙනස්කම් ගනනාවක් සමඟ Telegram 7.20.0 කියන මේ version  එක දැන් අපේ Play store  එකෙන් හෝ App store එකෙන් අපිට update කරගන්න පුලුවන්.

Source: Telegram