Loading...
Telegram 7.4 මඟින් iOS පරිශීලකයන් වෙත WhatsApp Chat History එක Telegram වෙත සංක්‍රමණය කිරීමේ පහසුකම ලබා දෙයි

මෑතකදී යාවත්කාලීන කරන ලද Terms සහ Privacy Policies නිසා WhatsApp messaging service එක මුහුණපා සිටින පසුබෑමෙන් ප්‍රයෝජන ගැනීමට WhatsApp සමග කරට කර තරඟ වදින තවත් messaging services දෙකක් වන Telegram සහ Signal Apps කටයුතු කරමින් සිටිනවා. Telegram 7.4 විසින් තම IOS පරිශීලකයින් වෙත ලබාදී ඇති මෙම පහසුකම ඊට කදිම නිදසුනක්.

මෙම පහසුකම දැනට Apple ස්මාර්ට් ජංගම දුරකථනය සදහා පමණක් ලබා දි ඇති අතර මේ පිළිබදව XDA වෙබ් අඩවිය පල කළ ලිපියේ සදන් වන්නේ WhatsApp වලට අමතරව Line සහ KakaoTalk යන messaging services වල ඇති Chat History එක පවා මේ ආකාරයට Telegram වෙත සංක්‍රමණය කර ගැනිමට හැකියාව ඇති බවයි.

මෙම පහසුකම සියලුම Apple ස්මාර්ට් දුරකථන පරිශීලකයන්ට ලබාදී නොමැති අතර Telegram App එක වෙත ඇතුලත් කරන නවතම යාවත්කාලීන කිරිම් සටහන් කරන changelog එකෙන් පවා මෙම පහසුකම ඉවත් කිරිමට Telegram ආයතනය කටයුතු කර ඇත. මෙම ක්‍රියාකලාපයෙන් පෙනි යන්නේ මෙම පහසුකම Apple දුරකථන පරිශීලකයන් සීමිත පිරිසකට ලබා දී තිබුනත් තවමත් එය සම්පූර්ණයෙන්ම ස්ථාවර පහසුකමක් නොවන බවයි.

WhatsApp Chat History එක Telegram වෙත සංක්‍රමණය කිරීම.

  1. WhatsApp යෙදුම විවෘත කර සංක්‍රමණය කිරීමට බලාපොරොත්තු වන Chat එක වෙත පිවිසෙන්න.
  2. ඉන් පසුව “More” menu එක වෙත පිවිස “Export chat” යන්න තොරන්න. (මෙසේ කිරිමෙන් ඒ ආදාල Chat එකට අයිති සියලුම messages ඇතුලත් zip file එකක් WhatsApp යෙදුම විසින් නිර්මාණය කරනු ඇත.)
  3. Zip file එක් නිර්මාණය වුවායින් පසුව iOS share sheet එක ඔස්සේ ඔබට එම Zip file එක Telegram වෙත import කර ගැනීමට හැකියාව ඇත.

සදහන් කල යුතු තවත් කරුණක් වන්නේ Telegram වෙත import කිරිමට අවශ්‍ය සෑම Chat History එකක් සදහාම ඔබට ඉහත සදහන් කල සංක්‍රමණ ක්‍රියාවලිය නැවත නැවත සිදු කිරීමට සිදු වනු ඇත.

මෙම පහසුකම Android පරිශීලකයින් සදහා ලබා දෙන බවට ප්‍රකාශයක් දැනට ප්‍රකාශ කර නොමැති අතර ඔවුන්ට මෙම පහසුකම ලැබෙනතෙක් බලා සිටිමට සිදුවනු ඇත.

Source: XDA