Loading...
Telegram වෙත අවුරුදු 7ක් සැපිරීම නිමිත්තෙන් Video call පහසුකම ලබා දේ

Telegram කියන්නේ මේ වන විට ගොඩාක් ජනප්‍රිය Messaging App එකක්. මේ වන විට Telegram App එක සමග මිලියන 400කට වැඩි Usersලා ප්‍රමාණයක් සිටින අතර මෙය Top 10  Most Downloaded App එකක්ද වනවා. 2013 වසරේ දි ආරම්භ කල මේ Telegram සේවාවට දැන් අවුරුදු 7 වෙනවා.

මේ කාලය COVID-19 වසංගත තත්වය නිසා දුරස්ථ භාවය පවත්වාගෙන සැම විටම අපේ එදිනෙදා කටයුතු කර ගන්න වෙන කාලයක් නේ. ඉතින් Face to Face Communication කියන්නේ මේ දිනවල අපිට ගොඩක් වැදගත් දෙයක්. මේ ගැටලුවට පිළි⁣යමක් විදිහට මෙතෙක් කල් නොතිබුණු Video Call පහසුකම Telegram Alpha Version එක මගින් Android & iOS Usersලාට හදුන්වා දිමට ඔවුන් කටයුතු කරා. (මේ Alpha Version එක කියන්නේ මේ Video Call Feature එකේ Version එකක් ) Telegram App එකේ 7.0 version එක මගින් Video Call Feature එකේ Alpha Version එක ලබා දෙන්න මොවුන් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම මේ Video Calls Picture in Picture Mode එකටද Support කරනවා. ඒ කියන්නේ Telegram Video Call එකක අතරතුර ඔබට දුරකථන මගින් වෙනත් ඕනැම කටයුත්තක් සිදුකල හැකියි.

මේ Video Calls සියල්ල End-to-end Encryption මගින් ආරක්ෂා වන බවත් ඒ වගේම Video Call එක අතරතුර ඔබගේ තිරයේ දිස්වෙන Emoji 4 සමග අනික් පුද්ගලයාගේ තිරයේ  දිස්වෙන Emoji 4 ගැලපෙනවා දැයි බැලිම මගින් ඔබට මේ බව තහවුරැ කර ගත හැකි බව ඔවුන් දන්වලා තියෙනවා.

Our apps for Android and iOS have reproducible builds, so anyone can verify encryption and confirm that their app uses the exact same open source code that we publish with each update.

තවදුරටත් ඔවුන් දක්වන්නේ මේ Emoji 4 ගැලපෙනවා නම් ඔබ ගන්නා Video Call එක Time-tested Encryption මගින් ආරක්ෂා වෙන බවයි. මේ Time-tested Encryption ඔවුන් Telegram Secret Chatsවලදි හා Voice Callවලදිත් භාවිත වෙනවා.

තාමත් මේ Video Call Feature එක සම්පූර්ණයෙන්ම ලබා දෙන්න කටයුතු කරල නැ. තාම මේ Feature එක Support කරන්නේ Mobile Devicesවලට විතරයි වගේම පුද්ගලයින් දෙදෙනෙකු අතර පමණයි Video Call ලබා ගත හැකි වන්නේ. Group Video Call Feature එක මිලග මාස කිහිපය ඇතුලත දි ලබා දෙන්න බලාපොරොත්තු වෙන බවත් ඔවුන් ප්‍රකාශ කරල තියෙනවා.

මොවුන් ඔවුන්ගේ 07වන සංවස්තරයට සමගාමිව නව Animated Emoji කිහිපයක් ද ලබා දිමට කටයුතු කරල තියෙනවා.

ඒ වගේම Telegram සදහාත් Chat Bubbles හදුන්වා දිමට කටයුතු කරමින් සිටිනවා. මෙය Android 11 Version එක සදහා හදුන්වා දිමට නියමිත වෙලා තියෙන්නේ.
Chat Bubbles කියන්නේ Facebook Messengerවල තියෙන “Chat Heads” ආකාරයේම Feature එකක්.

තාමත් මේක නිල වශයෙන් හදුන්වා දෙන්න කටයුතු නොකර තිබුනත් Telegram v7 භාවිතා කරන Android 11 Beta Usersලාට මේ Feature එක බලාගන්න පුළුවන් වෙලා තියෙනවා.

ලගදිම Group Video Call Feature එක වගේම ඉදිරියේ දි මේ Chat Bubbles Feature එකත් අපිට භාවිතා කරන්න පුළුවන් වේවි.

Source: Telegram