Loading...
Telegram video calling feature එකේ testing iOS වලින් පටන් අරන්

Telegram කිව්වම දැන් දැන් නම් ගොඩ දෙනෙක් මේ App එක මොකක්ද කියලා දන්නවා. ඒ උනත් ලංකාවෙ ගොඩ දෙනෙක් නම් Telegram use කරන්නෙ Films , TV Series වගේ දේවල් Download කරගන්න නමුත් Telegram කියන්නෙ cloud-based instant messaging සහ voice over IP service එකක්.

ගොඩ දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමා මේකේ video calling feature එකක් තිබ්බෙ නැති එක නමුත් මේ වෙද්දි iOS වලට මෙගොල්ලෝ video calling feature එක roll out කරලා තියෙනවා. Telegram Beta 6.3 එකේදී අපිට මේක දකින්න ලැබෙනවා.

Telegram ලා තාම මේ rollout එක ගැන official announcement එකක් දීලත් Android වලට rollout කරන දවසක් වත් තාම කියලා නම් නෑ.

කලින් කිව්වා වගේ මේ video calling feature එක access කරන්න පුළුවන් iOS users ලට විතරයි දැනට. මේක access කරන්න iOS users ලට Debug menu එකට යන්න වෙනවා. settings button එක 10 පාරක් විතර ක්ලික් කරාම Debug menu එක එනවා එතනදි Experimental Feature කියනෙක on කරගන්න පල්ලෙහා GIF එකේ තියෙන විදියට.

Android users ලට Debug menu එක access කරගන්න ඕනේ නම් මෙන්න steps ටික. යන්න settings වලට ගිහිල්ලා version number එක touch කරලා hold කරගෙන ඉන්න settings page එකේ යටම තියෙන. ¯\_(ツ)_/¯ ඔහොම එකක් දැක්කට පස්සෙ අත අරින්න. දැං ආයේ version number එක touch කරලා hold කරගෙන ඉදියම Debug menu එක දකින්න ලැබෙයි.

දැනට කියන විදියට මේ feature එක වැඩ කරන්නෙ දෙන්නෙක් අතර  විතරයි සහ ඒ දෙන්නම මේ feature එක enable කරලත් තියෙන්න ඔනෙලු. ඒ කියන්නෙ තාම group video calls නම් ගන්න වෙන්නෑ කියනෙකයි දැනට. කොහොම නමුත් video calling feature එක ඇවිත් තියෙන හින්දා ඉක්මනටම අපිට group video calls එහෙමත් ගන්න පුළුවන් වෙයි.