ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන Telegram වෙතින් පසුගිය මස දී Android සහ iOS පරිශීලකයන් සඳහා Photos සහ Videos Blur කිරීමේ පහසුකම ලබාදීමට කටයුතු කරන ලදී. මෙම පහසුකම මගින් පරිශීලකයන් හට වෙනත් පාර්ශවයන් වෙත යවනු ලබන ඡායාරූප සහ වීඩියෝ Blur කිරීම සඳහා අවස්ථාව සලසයි.
මෙම පහසුකම තුළ දී ඔබ හට එනම් පණිවුඩය යවන්නා හට Image 1 හි සඳහන් වන පරිදි අවශ්‍ය ඡායාරූපය හෝ වීඩියෝව තෝරාගත් පසු "Hide with Spoiler" භාවිතා කිරීම ඔස්සේ යවන ලබන පණිවුඩය Blur කිරීමට හැකියාව පවතී. පණිවුඩය ලබාගන්නා හට සෘජුවම එම පණිවුඩය නොපෙනෙන අතර එය මත Click කිරීමෙන් අනතුරුව අදාල පණිවුඩය නිරීක්ෂණය කිරීම සිදුකළ හැකිවේ.
එහිදී එම පණිවුඩය දිලිසෙන ස්ථරයකින් ආවරණය වන ලෙස පවතී. ඒ මත Click කිරීමෙන් අනතුරුව පැහැදිලි ඡායාරූපය නිරීක්ෂණය කළ හැකිය.


කෙසේ වෙතත් තවත් විශේෂත්වයක් වන්නේ මෙලෙස Blur වූ ඡායාරූපය හෝ වීඩියෝව මත Click කර එය නිරූපණය වීමෙන් පසුව නැවතත් යෙදවුමෙන් හෝ අදාල Chat එකෙන් ඉවත් වී එම Chat එක වෙත නැවත පිවිසෙන විට අදාල ඡායාරූපය හෝ වීඩියෝව Blur විම සිදුවීමයි. එනම් ඔබ යම් ඡායාරූපයක් හෝ වීඩියෝවක් Hide with Spoiler භාවිතා කර යම් අයෙකුට පණිවුඩයක් ලෙස යවන්නේ නම් එය සෑම විටම ඔහුවෙත Blur වී දිස්වීම සිදුවේ.
මෙම සිත් ඇදගන්නා සුළු පහසුකම මේ වන විට බොහෝ පරිශීලකයන්ගේ පැසසුමට ලක්වී ඇති අතර මෙමගින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීමට පිටුවහලක් සැපයීම මෙමගින් සිදුවේ. පාඨක ඔබටත් Telegram යෙදවුම යාවත්කාලීන කිරීම මගින් මෙම පහසුකම අත්විඳිය හැකිවේ.
Sources: telegram.org