Loading...
Telegram එකට video editor එකක් සමඟින් අලුත් පහසුකම් රැසක්

Telegram කියන්නෙ ලෝකයේ තියෙන ජනප්‍රියම instant messaging app එකක්. ඉතින් මේ app එකට අලුත් features කීපයක් ම එකතු වෙලා තියෙනවා. Telegram සමාගම විසින් app එකට අලුත් update එකක් නිකුත් කරමින් video editor එකක්, අලුත් media player එකක් සහ GIF improvements කීපයක් එක්කම තවත් features කීපයක් එකතු කරන්නට සමත් වෙලා තියෙනවා.

Video editor එක

Telegram ලගෙ in-app photo editor එක ඉතාමත් කාර්යක්ෂම විදිහට perform කරනවා. ඉතින් මේ අලුත් update එකෙන් පස්සෙ video edit කිරීමෙ හැකියාවත් user ට ලැබෙනවා. Automatic enhancements, manual adjustments වගේ features මේකෙ අන්තර්ගත වෙනවා වගේම Telegram ලගෙ blog එකට අනුව මේ video editor එක තුලින් user ට තමන්ගෙ video ඒකේ brightness, saturation සහ contrast වගේ දේවල් පවා adjust කරන්න පුලුවන්.

ඒ වගේම app එකෙන් ලැබෙන zoom in/out facility එක නිසා brush tool එක accurate විදිහට use කරන්නත් පුලුවන්.

Animated stickers පහසුකම

Telegram වලින් දුන්න අලුත් feature එකක් විදිහට මේකත් හඳුන්වන්න පුලුවන්. මෙතනදි, තමන්ගෙ photo එකකට හෝ video එකකට animated sticker එකක් add කිරීමේ හැකියාව ලැබෙනවා. ඒත් මෙතන මතක තියා ගන්න ඕන කාරණයක් තමා photo එකකට sticker එකක් add කරපු ගමන් ඒක GIF format එකට convert වෙනවා කියන දේ.

GIF improvements.

Telegram ලා විසින් GIF panel එකත් අලුත් කරල තියෙනවා. සුවිශේෂ ම කාරණයක් තමා GIFs වලට වෙනම trending section එකක් වෙන් කර තිබීම. ඒ වගේම users ලා පාවිච්චි කරන common reaction GIFs හොයාගන්නත් වෙනම emoji-based tab එකක් නිර්මාණය කරලා තියෙනවා.

ඒ වගේම GIF panel එකට GIFs load වෙන speed එකත් improve කරන්න Telegram ලා කටයුතු කරලා තියෙනවා. මේ නිසා පෙරට වඩා ඉක්මනින් GIFs හොයා ගන්න user ට හැකියාව ලැබෙනවා.

අනිත් improvements

උඩ තියෙන improvements වලට අමතරව Telegram එකෙන් තවත් improvements කීපයක් add කරලා තියෙනවා. Android version app එකේ messages send කරද්දි, delete කරද්දි වගේම edit කරද්දිත් තියෙන animations ගොඩක් smooth වෙලා තියෙනවා. ඒ වගේම video player එක improve කරන්න Telegram ලා කටයුතු කරල තියෙනව වගේම short videos (තප්පර 30ට අඩු) ස්වයංක්‍රීයව loop වීමත් මේ update එකේ විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුලුවන්.

Source: Telegram