Loading...
Twitterහි පැවති poll එකකින් පසුව Elon Musk විසින් Tesla සමාගමෙන් ඔහුට අයත් කොටස් වලින් 10%ක් විකුණා දැමීමට කටයුතු කර​යි

ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk විසින් ඔහු සතු Tesla සමාගමේ ඇ.ඩො. බිලියන 5කට ආසන්න වෙළඳපොල කොටස් විකුණා ඇති බවට පැතිරෙන ප්‍රවෘත්තිය ඔබ දකින්නට ඇති.

මෙම පුවත විදෙස් ප්‍රවෘත්ති අඩවි වාර්තා කළේ Elon Musk විසින් තමා සතු Tesla කොටස් වලින් 10% විකිණිය යුතුද යන්න ඔහුගේ Twitter profile එකෙන් ඡන්දයක් විමසා ඇසු දාට පසු දින වන අතර, එම ඡන්ද විමසීමට (Twitter poll එකට) මිලියන තුන හමාරකට අධික ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබුණි.

කෙසේ නමුත් බහුතර මතය ඔහු කොටස් විකුණා දැමිය යුතුයි බවට පෙනෙන විට කොටස් වෙළෙඳපොළේ Tesla කොටස් වල මිල 16%ක් පමණ අඩු වීමක්ද දක්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

Tesla තවමත් ලොව වටිනාම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන අතර ඔවුන්ගේ වෙළෙඳපොල වටිනාකම ඇ.ඩො. ට්‍රිලියනයද ඉක්මවනවා. Image: Electrek

මේ සමඟම Musk විසින් තවත් ඇ.ඩො. බිලියන 1.1ක් වටිනා කොටස් 934,000ක් විකුණා තිබෙන බවත් ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ නියාමනයන් සඳහන් කර තිබෙනවා.

එම වාර්තා වලට අනුව මෙම කොටස් විකිණුම පසුගිය සැප්තැම්බර් මස සිට සැලසුම් කර තිබු එකක්. කෙසේ නමුත් කලින් සඳහන් කළ බිලියන 1.1 කොටස් විකිණුම නම් මෙම සැප්තැම්බර් සැලසුමට ඇතුලත්ව තිබී නෑ.

මෙයට පෙරත් Elon Musk විසින් තමාට Tesla සමාගමෙන් කිසිම වැටුපක් ලැබෙන්නේ නැති බව කියා සිටියා. එනම් කොටස් වල හිමිකාරිත්වය මත ඔහුගේ වත්කම ගණන් බලන නමුත් ඔහු එම කොටස් වියදම් කිරීමක් කරන්නේ නැහැ.

ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය

Tesla කොටස් වල අගයන් ඉතා වේගයෙන් වර්ධනය වුවත් ඒවා ඉක්මනින් වෙනස්වන බවක් දක්නට ලැබෙනවා. Image: Investopedia

කොටස් වෙළෙඳපොල හැසිරෙන ක්‍රමයට අනුව 2012දී ඔහුට ප්‍රදානයක් වශයෙන් ලැබුණු කොටස්, ලබන වසරේ අගෝස්තු වන විට කල් පිරීමට නියමිත වී තිබු අතර ඔහුට ඒවා විකිණීමෙන් වැලකි සිටීමට නොහැකි ඒවාය. නොවුණේ නම් ඒවා කල්පිරී වටිනාකමක් නැතිව යනු ඇති.

කෙසේ නමුත් මෙවැනි ගණුදෙනු මගින් අදායම් බදු ආදිය පැන නගින අතර අත්පත් කරගත් කොටස් වහාම විකිණීමෙන් එම බදු පියවනු ලබනවා. මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ඇමෙරිකානු පාලක පක්ෂය මගින් ගෙන ආ නවමු "බිලියනපති බද්ද" යනුවෙන් හැඳින්වෙන බදු ක්‍රමය බලපා ඇති බව වාර්තා වන අතර, එමගින් උපලබ්ධි නොවූ ප්‍රතිලාභ (unrealised gains) මත බදු අයකිරීමක් කරණු ලබන අතර එම නිසා Elon වැනි කොටස් විකුණන්නේ නැති අයවලුන්ගෙන්ද අදායම් බද්දක් අයකරගැනීමට දැන් හැකියාව ලැබී තිබෙනවා.

නිගමනය

තම Twitter පණිවිඩ හරහා විශාල කතාබහක් ඇති කිරීමට Elon Musk සමත්ව ඇති අතර වෙළෙඳපොල අගයන් වෙනස් වීම සඳහාත් දැන් ඒවා බලපාන බවක් දක්නට ලැබෙනවා. Image: INC

"මෙය නවමු දෙයක් නොවුණත්, ඇති විශාල වෙළෙඳපොළ අගය නිසා මෙම පුවත විශාල ආකර්ශනයක් ලබා ඇති" බව නිව්යෝක් හි National Securities හි නියෝජිතයෙකු වන Art Hogan මහතා Reuters පුවත් සේවයට කියා තිබුණා.

මෙම කොටස් විකිණුමට පෙර Elon Musk සතුව Tesla සමාගමේ කොටස් 23% ක හිමිකාරිත්වයක් තිබු අතර ඔහු විකිණු කොටස් ප්‍රතිශතය එම 23%න් 3%ක් පමණ වනවා.

"මෙය හදිසියේ කළ දෙයක් හෝ Twitter පරිශීලකයින් කියූ පමණින් කළ දෙයක් හෝ නොවන අතර, මෙම තීරණය බොහෝ කලින් ගෙන සීල් ගසා අනුමත කර තිබු එකක්" බව සුප්‍රසිද්ධ AJ Bell සමාගමේ විශ්ලේෂකයෙකු වන Danni Hewson මහතා BBC පුවත් සේවයට සඳහන් කර තිබුණා.

සමාප්තිය

අවසානයේ කිව යුතු දෙය නම් මෙම කොටස් විකිණීම Twitter Poll එකට සම්බන්ධයක් තිබේද නැතිද යන්න හෝ ඔහු තවත් කොටස් විකිණීමට අදහස් කරගෙන සිටිනවාද යන්න පිළිබඳ තහවුරු කිරීමක් සිදු වී නැති බවයි.

Source: BBC