Loading...
Tesla website එක down කරමින් fans ලව පිස්සු වට්ටපු ඩොලර් 69 ක "Tesla Short Shorts"

ලෝකයේ විශාලතම electric car producer වන Tesla සමාගම නැවත වාරයක් අන්තර්ජාලය තුල booking records අලුත් කරමින් අලුත් record එකක් පිහිටුවලා තියෙනවා. හැබැයි මේ පාර එහෙම records කැඩිලා තියෙන්නේ Tesla Model 3 වත් නැතිනම් Cybertruck වගේ upcoming electric vehicle එකක් නිසා නෙමේ. මේ පාර record එකට හේතු වෙලා තියෙන්නෙ Tesla apparel එකක්. එහෙමත් එතිනම් ඇඳුමක්. මෑතකදී, Tesla සමාගම ‘Tesla Short Shorts’ නමින් කොට කලිසමක් හඳුන්වා දුන්නා. මේක ඔවුන් release කලේ after-sale products සහ accessories sell කරන Tesla Shop website එකෙයි. ඉතින් මේක release කරත් හරි ඉතාමත් ඉක්මනින් stocks ඉවර වෙලා තියෙනවා.

ඉතින් මේ වගේ overwhelming response එකක් ලැබෙන Tesla සමාගමට නුහුරු දෙයක් නෙවෙයි. මේ අවුරුද්ද මුලදී, Tesla Cybertruck pre-bookings දින අනූවක් ඇතුලත units 500,000 පහු කලා.

ඒ වගේම 2017 දී මේ වගේම pre-bookings ප්‍රමාණයක් ලබාගන්නට Tesla Model 3 සමත් උනා. ඉතින් මේ ලැබුන response එක ඊට වඩා වෙනස් සහ විශේෂයක් වෙන්නෙ Tesla සමාගම response එක ලබාගන්නේ ඔවුන්ට පුරුදු, ඔවුන් specialize උන segment එක නොවුන නිසයි. කොහොමෙන් කොහොම හරි මේ තියෙන්නේ Tesla ගේ අලුත්ම product එක ගැන පොඩි විස්තරයක්.

මේ කලිසමේ පාට වෙන්නේ තද රතු පැහැයක්. කලිසමේ ඉදිරිපසින් Tesla Logo එකත් පසුපසින් ‘S3XY’ විදිහටත් සඳහන් වෙනවා. S3XY කියන term එකෙන් represent වෙන්නේ Tesla electric cars වල model names. ඔවුන් website එකේදි describe කරන විදිහට මේ කලිසම් නිෂ්පාදනය වෙලා තියෙන්නෙ red satin material එකෙන් ඊට අමතරව gold trim එකකින් මෙය අලංකාර වෙනවා. ඊට අමතරව ඔවුන් මෙය විස්තර කිරීමට පටන් අරන් තියෙන්නෙ “Celebrate summer with Tesla Short Shorts” කියන slogan එක එක්ක.

$69.420 වගේ මුදලකට මෙය ඉදිරිපත් කොට තිබුණත්, එම stocks ඉක්මනින් අවසන් වීම විශේෂත්වයක්. මේ අලුත් product එක release උනු ගමන්ම ඇති වූ විශාල traffic එක නිසා Tesla site එකක් down වී තිබෙනවා.

“Dang, we broke the website.”  - Elon Musk, CEO, Tesla

මෑතකදී Tweeter පණිවිඩයක් නිකුත් කරමින් Tesla සමාගම මේ අකාරයෙන් කොට කලිසමක් විකිණීමට සූදානම් වනවා කියලා Elon Must ප්‍රකාශ කලා. ඒ වෙද්දි ගොඩක් අය ඒක සැහැල්ලුවෙන් හිතුවත් අද වෙද්දි ඒක ඇත්තක් වෙලා තියෙනවා. කෙසේවෙතත් ලැබුන orders ප්‍රමාණය පිලිබඳව තවම reveal කරලා නෑ.

ඉතින් ඒ විදිහට තමන් release කරන product එකට ඊට පෙර release කරපු product එකට වඩා වැඩි response එකක් හිමිකරගන්න Tesla සමාගම consistently සමත් වෙනවා. අපි ඒ දේ Tesla Model 3, Cybertruck වගේම මේ overpriced short එකෙනුත් ඒඩ්h ඒ දැක්කා. මෙතනින් පෙනෙන්නේ Tesla සමාගම නිර්මාණය කරගෙන තියෙන brand value එක.

ඉතින් මේ ගැන ඔයාගෙ අදහස comment එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.