Loading...
Amazon Appstore විසින් Android App Bundle (AAB) ආකෘතිය සඳහාද සහය දැක්වීමට සූදානම් වේ

අගෝස්තු මාසයේ සිට නිකුත් කරන Apps සදහා මෙතෙක් කල් භාවිත වු APK ආකෘතිය වෙනුවට නව AAB ආකෘතිය යටතේ Apps නිකුත් කිරිමට සිදු වෙන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන එනු ලැබුවා. ඒ වගේම Windows 11 සදහා Android Apps ධාවනය කිරිමේ හැකියාව ලබා දි තිබෙන බවටත් අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

Windows 11 හිදි Android Apps ලබා ගත හැකි වෙන්නේ Amazon App Store එක හරහා වෙන අතර මෙය Google Play සදහා සහය දැක්විමක් සිදු වුයේ නැ. කෙසේ වෙතත් මේ වෙන විට Amazon සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙන්නේ ඔවුන් විසින් Amazon App Store එක සදහා නව AAB අකෘතියේ Apps සදහා ඉඩ ලබා දෙන බවයි.

කෙසේ වෙතත් ඔවුන් තව දුරටත් APK ආකෘතිය සදහාත් සහය දක්වනු ලබන අතර AAB ආකෘතිය මගින් ලැබෙන වාසි Windows 11 Usersලාට ලබා ගැනිමට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

මෙහි ප්‍රධානතම වාසිය ලෙස AAB අකෘතිය ඔස්සේ Appsවල Size එක අඩු කිරිමට හැකියාව ලැබි තිබිම දක්වන පුලුවන්. ඒ වගේම අනාගතේදි AAB අකෘතිය මගින් ලැබෙන සි⁣යලුම Features Amazon App Store එක තුලින් ලබා දිමට බලාපොරොත්තු වෙන බවයි.

Source : Amazon, Gsm Arena