Loading...
Google Play applications සඳහා වන APK වෙනුවට AAB ආකෘතිය replace කරන බව නිවේදනය කරයි

App Developerවරුන්ට වඩා උසස් අයුරින් තම Apps බෙදාහැරීම සිදුකිරීම සඳහා Google සමාගම විසින් තම Digital වෙලඳපල වන Playstore එක නිරන්තරයෙන්ම වැඩිදියුණු කිරීම සිදුකරනු ලබනවා.

වාර්තා වන ආකාරයට Google සමාගම විසින් APK (Android Package) වලින් ඉවත් වී AAB (Android App Bundles) ආකෘතියට මාරු වන බව නිවේදනය කර ඇත. වර්තමාන APK යෙදුම් වල Packaging ආකෘතියේ ඇති ප්‍රධාන ගැටළු විසඳීම සහ Android Apps වල ප්‍රමාණය 15%කින් අඩු කිරීම එහි අරමුණ බව Google සමාගම පවසා තිබෙනවා.

සංවර්ධකයින් විසින් දීර්ඝ කාලයක් තිස්සේ Apps වල අඩංගු Codes, Assets සහ අනෙකුත් අංග Package කිරීමට භාවිතා කරන්නේ APK (Android Package) ආකෘතියයි. කෙසේ වෙතත්, Google සමාගම මෑතකදී කල නිවේදනයකට අනුව, Android App Developer වරුන්ට 2021 අගෝස්තු සිට නිකුත් කරන Apps සඳහා Google හි නව Android App Bundles (AAB) Packaging ආකෘතිය භාවිතා කිරීමට සිදුවනු ඇත.

APK වෙතින් AAB වෙත මාරු වන්නේ ඇයි?

නව App-Packaging ආකෘතිය මඟින් Android යෙදුම්වල ප්‍රමාණය අඩු කිරීම අරමුණු කරගෙන ඇති අතර එමඟින් වඩා වේගවත් Download කිරීම් සහ අඩු පහසුකම්ලත් උපාංග ඇති පරිශීලකයින් සඳහා අඩු Storage එකකට වුවද Apps ලබා ගැනීම වැනි කාරණා මෙම කාරණයට හේතු වී තිබේ.

මෙය Google සමාගම විසින් 2018 දී හඳුන්වා දුන් අතර Google සමාගම පවසන්නේ Adobe, Netflix, Twitter සහ Duolingo ඇතුළු Playstore යෙදුම් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් APK වෙනුවට AAB (Android App Bundles) භාවිතා කරන බවයි. වැඩිදියුණු කරන ලද මෙම AAB ආකෘතියට Apps බෙදා හැරීම සඳහා අවම වශයෙන් App එකක ප්‍රමාණය 150MB ට වඩා අඩු විය යුතුය.

150MB ට වඩා විශාල ප්‍රමාණයේ Apps සහ Games සඳහා, සංවර්ධකයින් හට External Resources පරිශීලකයින් වෙත ලබා දීම සඳහා නව Play Asset Distribution (PAD) System එක භාවිතා කිරීමට සිදුවේ. දැනට Developer වරුන් විසින් විශාල Apps සහ Games භාවිතා කරන පරිශීලකයින්ට අමතර Assets ලබා දීමට OBB භාවිතා කරයි.

කෙසේ වෙතත්, Game එකක් Play කරන විට හෝ App එකක් Run කරන විට පවා Download කිරීම් වේගවත් ලෙස සිදු කිරීම සඳහා PAD (Play Asset Distribution) පද්ධතිය මඟින් වේගවත් දත්ත සම්පීඩනයක් සහිතව Dynamic Delivery Strategies (ගතික බෙදා හැරීමේ උපාය මාර්ග) භාවිතා කරයි.

AAB Packaging ආකෘතිය මගින් APK ආකෘතියේ ඇති ගැටළු විසඳුවද, ABB ආකෘතිය Google Playstore හි Apps සඳහා පමණක් ලබා ගත හැකි අතර, සංවර්ධකයින්ට Amazon App Store, (Windows 11 වෙතද), Xiaomi Get Apps සහ වෙනත් තෙවන පාර්ශවීය Stores වෙතද Upload කළ හැකිය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, AAB වෙත මාරු වන සංවර්ධකයින්ට එකම Package එක වෙනත් App Stores සහ Sources වෙත ලබා දීමට නොහැකි වනු ඇත. සංවර්ධකයින් ඔවුන්ගේ Apps වල වෙනම APK Version එකක් පවත්වාගෙන යන්නේ නැත්නම් Apps Sideloading කිරීමේ හැකියාව ඉවත් කරනු ඇත.

නව AAB ආකෘතිය 2021 අගෝස්තු සිට Playstore Apps සඳහා ප්‍රමිතියක් බවට පත්වනු ඇති අතර එබැවින්, Developerවරුන්ට නව Apps සඳහා AAB ආකෘතිය භාවිතා කිරීමට සිදුවේ. කෙසේ වෙතත්, දැනට පවතින Apps මෙන්ම Manage කරන ලද Google Play පරිශීලකයින් සඳහා ප්‍රකාශයට පත් කරන ලද Private Apps ද දැනට මෙම අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.

Android App Bundles ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා ඔබට Google හි නිල බ්ලොග් අඩවිය පරික්ශා කර බැලිය හැක.

Sources: Google Blog, 9t05Google, Android Authority