Loading...
2021 වර්ෂයේදී ස්මාර්ට් ජංගම දුරකතන ලෝකයේ සිදුවූ විශාලතම අසාර්ථක වීම් 4

2021 වසර කියන්නේ අපි සියලු දෙනාම බලාපොරොත්තු නොවු ආකාරයෙන් ගෙවියව වසරක් බව අමුතුවෙන් කිව යුතු නැ. තාක්ෂණික ක්ෂේත්‍රයටත් එය එලෙසම අදාල වෙනවා.

ඒ අනුව තාක්ෂණික ක්ෂේත්‍රයේ Smart Phones නිෂ්පාදනය සමාගම් විසින් මේ වසර තුල සිදු කරන ලද කිසිසේත්ම බලාපොරොත්තු නොවු ආකාරයේ තිරණ, කටයුතු කිහිපයක් මේ ආකාරයෙන් නැවත ගෙන දක්වන්න පුළුවන්.

LG සමාගම විසින් තම Smart Phones සදහා වෙන ව්‍යාපාර අංශයේ කටයුතු නවතා දැමිම

Smart Phones නිපදවන සමාගම් වැඩිවෙන තරමට එහි ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට ලැබෙන ඒ මගින් එම සමාගම් අතර තරගය වැඩි වෙනු ලබනවා. කෙසේ නමුත් මේ වසරේදි LG සමාගම විසින් නිවේදනය කරනු ලැබුවේ ඔවුන්ගේ Smart Phones සදහා වෙන ව්‍යාපාර නවතා දමන බවයි.

LG සමාගම විසින් ඔවුන්ගේ අතිශය ජනප්‍රිය වු ENv හා Chocolate වැනි Feature Phones සමග වෙළෙඳපොළ තුලට පිවිසි අතර ඔවුන්ගේ G Series එකත්, Nexus 4 මාදිලියත් Smart Phones වෙළෙඳපොළ තුල පෙරළියක් ඇති කිරිමට සමත් වුවා. ඒ වගේම ඔවුන් විසින් Smart Phones නිෂ්පාදන කර්මාන්තය වෙනත්ම දැක්මක් ඔස්සේ රැගෙන යාමට උත්සාහ දැරැ බවට ඔවුන්ගේ LG G5, Dual-screened V20 හා LG Wing ආදි නිෂ්පාදන හරහා දක්වන්න පුළුවන්.

Samsung සමාගම ඔවුන්ගේ Galaxy Note Series එක Galaxy Fold Series මගින් Replace කිරිමට උත්සාහ දැරිම

Galaxy Note Series එක කියන්නේ Samsung සමාගමේ අතිශය ජනප්‍රියත්වයට මෙන්ම සාර්ථකත්වයට පත් වු Flagship Device Series එකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් Samsung සමාගම විසින් මේ වෙන විට තමන්ගේ මේ Note Series එක නවතා දැමිමට තිරණය කර තිබෙනවා.

Samsung සමාගම විසින් Galaxy Z Fold 3 හා Z Flip 3 Devices හදුන්වා දිමත් සමග ඒ මගින් Note Series එක නවතා දැමිම තුලින් වු අඩුව පුරවා දැමිමට උත්සාහ කරනු ලැබුවා. Galaxy Note Series එකේ තිබු Features බොහෝමයක්ම මේ Fold හා Z Series වෙන ලබා දි ඇති අතර ඒ සදහා S Pen සහයත් ලබා දි තිබෙනවා.

කෙසේ වෙතත් මේ වෙන වාර්තා වෙන තොරතුරුවලට අනුව විට එය Galaxy S Series එකේ Device එකක් Note නමින් නිකුත් කර ඒ මගින් Note Series එක ප්‍රතිස්ථාපනය කිරිමට සුදානම් බවටත් තොරතුරු වාර්තා වෙනවා.

Google Pixel 6 Series එකේ ප්‍රශ්නගත Charging Speed එක

Google සමාගම විසින් ඔවුන්ගේ Flagship Devices වෙන Pixel 6 Series එක මේ වසරේ නිකුත් කළ අතර එහි Charging Speed එක පිළිබඳ විශාල කතිකාවතක් අන්තර්ජාලය තුල ඇරඹි තිබුණා.

Pixel 6 Series එක හදුන්වා දිමේදි Google සමාගම විසින් එම Devices USB Power Delivery PPS charging protocol එක අනුගමනය කරන බවත්, එය ඔවුන්ගේ 30W USB C Adapter එක මගින් උපරිම වේගයෙන් ආරෝපණය කළ හැකි බවත් දක්වා තිබුණා.

කෙසේ වෙතත් පසුව තොරතුරු වාර්තා වුයේ Pixel 6 Series එක උපරිම 22W හා සාමාන්‍ය 13W පමණ අගයකින් 30W Adapter එක හරහා ආරෝපණය වෙන බවයි.

OnePlus සමාගම Oppo සමාගම සමග ඒකාබද්ධ විම

OnePlus සමාගම ඔවුන්ගේ Flagship Killer Devices සමග වෙළෙඳපොළ තුල අතිශය ජනප්‍රියත්වයට පත් වු අතර මෙයත් BBK Electronic Corporation එකට අයත් සමාගමක් වෙන අතර Oppo සමාගම යටතේ ක්‍රියාත්මක වෙනු ලබනවා.

කෙසේ වෙතත් මේ වසරේදි Oneplus සමාගම Oppo සමාගමත් සමග ඒකාබද්ධ වි​ය. ඒ අනුව චීනයෙන් පිටත OnePlus Devices සදහා ඔවුන්ගේ OxygenOS එක ලැබෙන අතර චීනය තුල Oneplus Devices සදහා Oppo සමාගමේ ColorOS එක ලබා දෙනු ලබනවා.

කෙසේ වුවත් මේ ප්‍රධානතම අසමත් වීම් අතර ඇපල් සමාගමේ නම සඳහන් නොවීමද විශේෂත්වයක්.

Source: Android Authority