Loading...
Samsung Galaxy S22 Ultra ජංගම දුරකතනය Galaxy S22 Note යනුවෙන් නම් කරනු ඇතැයි තොරතුරු වාර්තා වේ

Samsung Galaxy S Series එකේ මීලග Smart Phones Lineup එක විදිහට මීලග වසරේදි නිකුත් වෙන්න නියමිතව තිබෙන්නේ Galaxy S22 Series එකයි. මේ වසරේ නිකුත් වුණ Galaxy S21 Series එක S21, S21+ සහ S21 Ultra විදිහට Devices තුනකින් එළිදක්වන්න Samsung සමාගම විසින් කටයුතු කලා.

ඒ වගේම ඔබ මේ වෙන විට දන්නවා Samsung සමාගම විසින් ඔවුන්ගේ තවත් High End Smart Phone Series එකක් වුණ Galaxy Note Series එක මේ වෙන විට නිල වශයෙන්ම අත්හැර දමා ඇති බව. ඒ වගේම මේ වෙන විට Samsung සමාගම විසින් ඔවුන්ගේ අනෙක් High End Smart Phone Series එක වෙන Galaxy S Series එකේ S21 Ultra Smart Phone එක සදහාත් S Pen Support එක ලබා දි තිබෙනවා. කෙසේ වෙතත් Galaxy S21 Series එක නිකුත් විමට පෙර නිකුත් වු Rumorsවලට අනුව Galaxy S21 Ultra Device එක සදහා S Pen Support එක මෙන්ම S Pen එක දුරකථනය තුල රදවා ගැනිමේ හැකියාවත් ලැබෙනු ඇතැයි සදහන් වුවා. කෙසේ වෙතත් අවසානයේදි Samsung සමාගම විසින් S21 Ultra Smart Phone එකට S Pen Support එක ලබා දුන් අතර S Pen එක දුරකථනය තුල රදවා ගැනිමේ හැකියාව ලබා දුන්නේ නැ.

මිලග වසරේදි, 2022 දි නිකුත් විමට නියමිත Galaxy S22 Series එක සමග S Pen Support එක මෙන්ම Galaxy Note Series Smart Phonesවල මෙන් දුරකථන තුලම S Pen එක රදවා ගැනිමේ හැකියාවත් ලබා දිමට Samsung සමාගම කටයුතු කරමින් ඉන්න බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව Galaxy S22 Series එක Devices 04 කින් සමන්විත වෙනු ඇති අතර ඉන් S Pen එක සහිත Device එක Galaxy S22 Ultra Note හෝ Galaxy S22 Note ලෙස නම් කරනු ඇති බවත් වාර්තා වෙනවා.

තවමත් මේ පිළිබඳ නිල වශයෙන් කිසිදු තොරතුරක් Samsung සමාගමෙන් වාර්තා වි නොමැති අතර ඉදිරියේ සති කිහිපය තුල Galaxy S22 Series එක පිළිබඳ මෙන්ම මේ Galaxy S22 Ultra Note හෝ Galaxy S22 Note Device එක ගැනත් තහවුරු කළ හැකි තොරතුරු ඔබ වෙත ගෙන ඒමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gsm Arena, @FrontTron