මේක තමා දැනට smartphone එහෙකට තියෙන fastest frame rate එක.

OnePlus 8 series එකට දැන් Fortnite game එක 90fps වලින් run කරන්න පුළුවන්.OnePlus ලා සහ Epic Games ලගේ collaboration එකට ස්තුති වෙන්න. මේ Update එකෙන් මේ Devices තමා Fortnite smooth 90 frames per second වලින් play කරන්න පුළුවන් පලවෙනි phones වෙන්නෙ.

ගොඩක් Androids වල Fortnite run වෙන්නෙ maximum 60fps, Game එකේ Xbox One සහ PS4 versions වලට සමානයි. ගොඩක් Apple devices වල Game එක 60fps වලින් run කරන්න Option එකක් තියෙනවා. ඒ උනත් iPad Pro එකේදි Game එක අපිට 120fps max frame rate එහෙකින් run කරන්න පුළුවන් tablet එකේ high refresh rate display එක හින්දා.

Higher Frame rate එකක් Enable කරොත් OnePlus 8 සහ OnePlus 8 Pro Phones වල Graphical settings default " Low " වැටෙනවලු GameSpot ලා කියන විදියට. ඒ හින්දා Game එක හැම අතින්ම හොදයි වගේ පේන එකක් නෑ.