Loading...
Type කර​න ශබ්දය හරහා වචන හඳුනා ගන්​නා AI එකක් නිර්මාණය කෙරේ, Passwords අනතුරේද?

බ්‍රිතාන්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් යතුරුපුවරුවෙන් පිටවන ශබ්දය මඟින් type කරන වචන 95% ක නිරවද්‍යතාවයකින් හඳුනා ගැනීමට හැකි කෘත්‍රිම බුද්ධියක් පුහුණු කර ඇත.

මෙහිදී පර්යේෂකයන් කණ්ඩායම විසින් ඒ ඒ keys සඳහා යතුරුපුවරු මඟින් නිකුත් කරන ශබ්ද භාවිතයෙන් AI model එක train කිරීමක් සිදුකර ඇත.

පර්යේෂකයන් කණ්ඩායම මෙහි නිරවද්‍යතාවය තව දුරටත් පරීක්ෂා කිරීම සඳහා Zoom සහ Skype meeting එකක් හරහා type කරන password සාර්තකව මෙම AI model එක මඟින් හඳුනා ගෙන ඇත. මෙහිදී ඔවුන් MacBook Pro M1 16-inch 2021 ලැප්ටොප් පරිගණකයක් සහ 17cm දුරින් තැබූ iPhone 13 Mini දුරකතනයක් භාවිතා කර ඇත. මෙහිදී Zoom මඟින් 92% ක් සහ Skype මඟින් 93% ක නිරවද්‍යතාවයකින් යුත් වචන හඳුනාගෙන ඇත.

MacBook Pro ලැප්ටොප් පරිගණක යතුරුපුවරුවකින් නිකුත්වන ශබ්දය ඉතා කුඩා වුවත් මෙහිදී මෙම AI Model එක මඟින් type කරන වචන් හඳුනා ගැනීමට සමත් වී ඇත. එනිසා මෙයට Mechanical Keyboard වැනි ශබ්දයක් නිකුත් කරන යතුරුපුවරු මඟින් type කරන වචන ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව පවතී.

කෙසේ නමුත් මෙවැනි Tools වෙළඳපොළට නිකුත් වුවහොත් බොහෝ දෙනෙක්ට මෙය ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. මන්ද යත් මෙවැනි AI model මඟින් ඉතා පහසුවෙන් passwords, chats හඳුනා ගත හැකි නිසාවෙනි.

මේ වගේ අවදානමකින් මිදෙන්න නම් අපිට පුලුවන් Password Manager එකක් භාවිතා කරන්න. ඒ ගැන අපි ගෙනාපු ලිපි දෙකක් පහතින් දැක්වෙනවා.

Password අමතක වෙනවද ? හොද Password Manager එකක් use කරමු.
එන්න එන්නම අපේ ජිවිත Digital කරණය වෙනකොට , අලුත් social media flatform introduce වෙනකොට , මේ හැම Account එකකටම Log වෙන්න Password ඕනේ වෙනවා නේද? ඉතිං මෙ ඔක්කම මතක තියාගන්න පුලුවන්ද ? සමහරවිට ඔයා එකම password එක හැම Account එකකටම දාලා ඇති නේද, ඉතිං මේ කරදර විදින්නේ නැතුව හොද Password Manager එකක් use කරන්න. අද අපි ඒ ගැන කතා කරමු, Password එකක් කියන්නේ අපිට ගොඩක් personal දෙයක්. ඉතිං එක එක වෙලාවට අපි හදන account වල එකක password දානවා අපි. වෙලාවකට ඒ password එක ආයේ ඔනේ වෙන්නේ අලුත් phone එකක් ගත්ත
Passwords අමතක නොවී ආරක්ෂා කරගමු (Online accounts ආරක්ෂාකරගමු - 02)
Password Manager - මුරපද කළමනාකරු අපි කලින් පෝස්ට් එකෙන් කථා කළේ ශක්තිමත් මුරපදයක් යොදාගෙන අපේ අන්තර්ජාල ගිණුම් සුරක්ෂිත කරගන්න විදිය නෙ. ඒත් එතනදි අපිට පැන නැඟුණු විශාලම ගැටළුව තමයි අපි කොහොමද මේ විවිධ වෙබ් අඩවි වලට යොදපු විවිධ මුරපද මතක තියාගන්නෙ කියන එක. අනික අපි යොදපු ශක්තිමත් මුරපද මතක තියා ගන්න එක තවත් අසීරුයි. අන්න එතනදි තමයි අපේ උදව්වට Password Manager එකක් අවශ්‍ය වෙන්නේ. පාස්වර්ඩ් මැනේජර් එකක් කියන්නෙ මොකක්ද, කියන තැන ඉඳන් අපි අද සම්පූර්ණයෙන්ම වගේ Password Manager ගැන ඉගෙනගනිමු. මොක
Source: www.theguardian.com pcworld.com