Loading...
TikTok සිය සේවාවන් හොංකොං රාජ්‍යයෙන් ඉවත් කරගනී

ලෝකයේ ප්‍රචලිත ම creative platforms වලින් එකක් විදිහට TikTok හඳුන්වන්න පුලුවන්. ඉතින් මේ TikTok app එක සම්බන්ධයෙන් විවිධ තොරතුරු කාලයෙන් කාලයට මැවෙනවා. ඉතාමත් මෑතකදි ඉන්දියාවෙන් තහනම් වූ පසුව අද දිනයේ පල උනු වාර්තා අලට අනුව TikTok සිය සේවාවන් හොංකොං රාජ්‍යයෙන් ඉවත් කරගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ හොංකොං රාජ්‍යය ඔවුන්ගේ mainland එක වන චීනයට වැඩි බලතල දෙමින් පැනවූ අලුත් ජාතික ආරක්ෂක නීති වලට අනුගත වීමේ ප්‍රතිඵලයක් විදිහටයි.

“In light of recent events, we’ve decided to stop operations of the TikTok app in Hong Kong”                                                                                                                                 -TikTok

හොංකොං වල operate වෙන global tech companies බොහෝමයක් මේ ගැන අවධානයක් දෙමින් පවසා සිටින්නේ මේ නව නීති හරහා චීනයේ තිබෙන censorship standards වලට එකඟ වීමට සිදුවන බවත් එමගින් user data චීනයට යවන්නට සිදු වීමේ අවධානමක් ඇති බවත් ය. ඉතින් මේකෙ ප්‍රතිඵලයක් විදිහට Google, Facebook, Twitter වගේ networks පවා හොංකොං රජයෙන් user data requests process කරන එක මේ වෙද්දි අත්හිටුවලා තියෙනවා.

TikTok වල හිමිකාරිත්වය දරන්නේ ByteDance කියන චීන සමාගමයි. ඒ නිසා user data චීනයට ලබා දෙනවාය කියන චෝදනාව ඔවුන්ට රටවල් කීපයකින් ම එල්ල උනා. ඉතින් මේ අලුත් උනු හොංකොං නීතියෙන් ඔවුන් හට අනවශ්‍ය බලපෑමක් වෙයි කියන ස්ථාවරයෙන් ඔවුන් හොංකොං වලින් app එක අයින් කරගෙන තිබෙනවා.

ඇමෙරිකාව තුලත් TikTok සමාගමට අර්බුධ කීපයක් මතුවෙලා තිබෙනවා. ඊයෙ (ජූලි 6) රාත්‍රියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වන Mike Pompeo මහතා සඳහන් කලේ TikTok ඇතුලු Chinese apps කීපයක් තහනම් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ අවධානය යොමුව ඇති බවයි. දින කීපයකට කලින් ඉන්දිය රජයත් TikTok ඇතුලු තවත් Chinese apps කීපයක් තහනම් කරනු ලැබුවා.