Loading...
Apple හා Epic Games අතර නඩුවිභාගයේ නවතම තත්වය

Apple සමාගම සහ Epic Games අතර ඇති මෙම ගැටලුව කුමක්ද?

මුලින්ම අපි බලමු මේ ගැටලුවට මුල් වුන හේතු මොනවාද කියලා.

අපි හැමෝම දන්නවා iPhones සහ iPads වලට මෘදුකාංග ස්ථාපනය (apps install) කිරීමට ඇති එකම ක්‍රමය Apple App Store එක කියලා. නමුත් මෘදුකාංග සමාගම් වලට තම Apps, Apple App Store එය තුලට ඇතුළත් කිරීමට නම් Apple සමාගමේ නීති රීති අනුව ක්‍රියා කළ යුතු වෙනවා. එම නීති රීති ඉතාමත් දැඩි හා සංකීර්ණ වන අතර Adult content වල සිට ආරක්ශක භාවිතයන් දක්වාම සියල්ල පාලනය කරනු ලබනවා.

නමුත් Epic Games ආයතනයට මතුව ඇති ගැටලුව වන්නේ තම ගණුදෙනුකරුවන්ගෙන් මිලදී ගැනීම් (In app purchases) සිදු කර ගැනීමට ඇති මුදල් ඒකකයක් (Currency එකක්) වන V-Bucks පාලනය කරන Apple සමාගමේ දැඩි නීති රීතියයි.

ඩොලර් මගින් මිලදී ගන්න V-Bucks, ක්‍රීඩාව ඇතුළේ වියදම් කිරීමේ හැකියාව තිබෙනවා. 

තම Digital භාණ්ඩ අලෙවියෙන් උපයා ගන්නා මුදල් වලින් 30%ක් Apple සමාගමට ගෙවීමට අනෙකුත් සමාගම් වල සිදු වෙනවා.

ඉතින් Epic Games හී නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Tim Sweeny මහතා මේ පිලිබඳව පැමිණිලි කර තිබුණේ මෙය Apple සමාගම අනෙකුත් කුඩා සමාගම් වලින් ලබා ගන්නා කප්පම් ගැනීමක් ලෙසයි.

Apple CEO Tim Cook සහ Epic Games CEO Tim Sweeney. Image: Wall Street Journal

Apple විසින් Epic සමාගමේ කොන්දේසි ප්‍රතික්ෂේප කළ අතර අගෝස්තු 13 වන දින Epic සමාගම විසින් ඒකපාර්ශවිකව Fortnite ක්‍රීඩාව Update කිරීමක් සිදු කරන ලදී. එමගින් පරිශීලකයින්ට V- Bucks සෘජුවම මිලදී ගැනීමට ඉඩ ලබා දුන් අතර එසේ කළ අයට වට්ටමක්ද Epic Games ආයතනය මඟින් ලබා දෙන ලදී.

මෙය App store මෙන්ම Google Play store වල නීති රීතිද ඉක්මවා ගිය අතර ක්‍රීඩාව ඉවත් කිරීමෙන් පැය කිහිපයකට පසු Epic games ආයතනය විසින් මෙම සටන මහජනතාව අතරටද ගෙන යන ලදී.

මේ ගැටලුව පිලිබඳව ඇති වර්තමාන තත්වය ගැන පහත ලිපියෙන් අවධානය යොමු කරමු.

මෙම Apple සහ Epic අතර ගැටලුව දැන් නඩු විභාගයක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙය ගොනු කර ඇත්තේ Epic games හී නිර්මාතෘ හා විධායක නිලධාරී Tim Sweeny විසිනි.

සති තුනකට පෙර Tim Sweeny මහතාව මෙහි පළමු සාක්ෂිකරු ලෙස හැඳින්වනු ලැබීය. දෙපාර්ශවයේම අවසන් නඩුව සඳුදා විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පෙර, Apple විසින් Tim Cook ගේ ස්ථාවරය අවසන් වරට කැඳවා තිබුණි.

මෙම ගැටලුවේදි අපට වෙනම කාරණා දෙකක් ගැන අවධානය යොමු කල හැක.

එනම්, Apps Market එක තුළ Apps මිලදී ගැනීම සඳහා වන වෙලඳපල අසාධාරණ ලෙස ඒකාධිකාරීද යන්න, සහ iOS යනු Third Party Stores සහ Side-loaded apps සඳහා විවෘත කල යුතු ඒකාධිකාරයක්ද යන වග.

Tim cook විසින් පරිශීලකයන්ගේ ආරක්ශාව හා පෞද්ගලිකත්වය පිළිබඳ අභියාචනයක් සමඟ ආමන්ත්‍රණයක්ද සිදු කලේය.

එය මෙසේය.

“අපගේ දෘෂ්ටි කෝණයෙන් පෞද්ගලිකත්වය යනු මෙම සියවසේ වැදගත්ම කාරණයක් වන අතර පුද්ගලිකත්වය ගොඩනඟා ඇති පදනම වන්නේ ආරක්ෂාවයි” යනුවෙන් ඔහු Apple හී නීතිඥවරයෙකුට පැහැදිලි කළේය. “තාක්‍ෂණයට මිනිසුන්ගෙන් සියලුම වර්ගවල දත්ත රික්ත (Vaccum) කිරීමේ හැකියාවක් ඇත. අපගේ අරමුණ එය මඟහරවා ගැනීමට මිනිසුන්ට මෙවලම් සැපයීමයි.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
නඩු විභාගය සඳහා පැමිණි Tim Cook. Image: Financial TImes

Side-loaded apps වලට සහය දක්වන ආකාරයට iOS නැවත ප්‍රතිනිර්මාණය කිරීමෙන් Apple සමාගමට සිදුවිය හැකි අවාසි ගෙනහැර දැක්වීම පහසුය. පරිශීලකයන්ට සම්පූර්ණ පාලනයක් ලබා දීම මගින් අවධානමක් ඇති වන අතර Tim Cook තර්ක කරන්නේ මිනිසුන් විශේෂයෙන්ම iOS තෝරා ගන්නා බැවින් Sensitive data සමඟ අවධානම් සහිත තීරණ ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවන බවයි.

“අපි පාරිභෝගිකයාට Hardware, Software සහ සේවාවන්හි ඒකාබද්ධ විසඳුමක් ලබා දීමට උත්සාහ කරනවා, මම හිතන්නේ නැහැ ඔබ එය තෙවන පාර්ශවයක් තුළ අනුකරණය කරයි කියා." ඔහු පැවසීය.

Epic Games ආයතනයද තමන්ගේ තර්ක මෙසේ ඉදිරිපත් කර තිබුණි.

මිනිසුන්ට තවමත් ඔවුන්ගේ දුරකථන Lockdown කර තබා ගැනීමට තෝරා ගත හැකි අතර, වඩා ආරක්ෂිත ලෙස සකස් කරන ලද Apps හෝ ඊටත් වඩා හොඳ Privacy Controls සහිත Stores වෙත පිවිසීමට ඔවුන්ට අවශ්‍ය විය හැකිය. App Store Guidelines සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන විශේෂිත Apps ලෙස (Ganja Farm, Weed Empire) යන ක්‍රීඩාවන් පෙන්වා දිය හැකි බව Epic Games පවසා සිටියා.

ඉතින් අපි බලමු Apple සමාගම සහ Epic Games සමාගම අතර පවතින මේ මතභේදය කුමන දිශානතියකට ගමන් කරයිද කියලා.

Sources: The Verge, The Guardian, BBC