Loading...
දුරකථන පැකේජවල ගාස්තු ඉහළ නැංවීමට සමාගම්වලට අවසර ලබා දී නොමැති බව TRCSL පවසයි

පසුගිය දිනවල සාමාජ මාධ්‍යයන්වල පළ වු ආකාරයට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දුරකථන පැකේජයන්වල ගාස්තු ඉහළ නැංවීම සඳහා කිසිදු දුරකථන සේවා සපයන සමාගමක් සඳහා අවසර ලබා දී නොමැති බව ඊයේ දිනයේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලු දුරකථන සේවා සපයන සමාගම්වලින් මේ පිළිබඳව විමසා ඇති අතර ඒ ඒ සියලු සමාගම් විසින් තමන්ගේ පැකේජවල ගාස්තු ඉහළ දැමීමට තමන් කටයුතු කර නොමැති බවට පිළිතුරු ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා වන ඉන්ද්‍රජිත් හදපන්ගොඩ මහතා මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි තව දුරටත් මෙහිදි සඳහන් කර තිබෙන්නේ මෙවැනි මහජනතාව නොමග යවන ප්‍රවෘත්ති සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම දුරකථන සේවා සපයන්නන් විසින් අනවසරයෙන් දුරකථන පැකේජවල ගාස්තු වැඩි කළ බවට සාක්ෂි ඇති නම් ඒවා ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත වාර්තා කරන ලෙසත් දක්වා සිටියා.

Source: dailymirror