Loading...
Uber සමාඟම නිල වශයෙන් ඔවුන්ගේ grocery delivery service එක ලොව පුරා ආරම්භ කරයි

පසුගිය කාලයේ ලොව පුරා පැතිරගිය වසංගත තත්වය හේතුවෙන්, නිවසට භාණ්ඩ බෙදාහැරීමේ සේවාවන් බොහෝ ජනප්‍රිය විය. ඒ අතරේ ලොව සුපතළ Uber ආයතනය විසින් සිල්ලර භාණ්ඩ බෙදාහැරීමේ සෙවාවක් ආරම්භ කරන බව නිවේදනය කළේ ය.

ආරම්භයක් ලෙස, ලතින් ඇමරිකානු සහ කැනඩා නඟර කීපයක මෙය දැන් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී Miami සහ Dallas යන නඟර වෙත ද ව්‍යාප්ත කිරීමට යෝජිත ය. ඉහත නඟර වල වෙසෙන, Uber Pass සහ Eats Pass පාරිභෝගිකයන් හට 30$ ට වඩා වැඩි ඇණවුම් සඳහා නොමිලේ බෙදාහැරීම් සිදු කරන බව ද දන්වා ඇත.

මෙම සේවාව Cornershop හා ඒකාබද්ධව සිදු කරමින් පවතින අතර Cornershop ආයතනය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ Uber විසින් මිළදීගන්නා ලදි. Uber සමාඟම විශාල ප්‍රගතියක් අත් කරගෙන සිටින සමාඟමක් වන අතර, ඔවුන් විසින් ඉදිරියේදී තවත් විවිධ නඟර සඳහා විවිධ ආකාරයේ එකතු කිරීම් සිදු කිරීමට යන බව වාර්තා වේ.

Source: Uber