Loading...
5G ජාලය සඳහා Huawei වෙනුවට ජපානය එකතු කරගැනීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වෙයි

බ්‍රිතාන්‍ය රජය එරට 5G networks වලින් Huawei සමාගම මීට දින කීපයකට පෙර ඉවත් කලා. ඒ ගැන මීට කලින් ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයො අපි ඔයාලව දැනුවත් කලා.

ඉතින් ඒ වෙනුවට 5G networks ගොඩනැගීම සඳහා බ්‍රිතාන්‍ය රජය ජපානයෙන් උදව් ඉල්ලීමට කටයුතු කොට තිබෙනවා. Nekkei ලා මෙය වාර්තා කලේ චීනය සහ ඇමෙරිකාව අතර ගෝලීය තාක්ෂණ සහ ආරක්ෂක සංග්‍රාමයේ තවත් එක් පියවරක් හැටියටයි.

Business Daily වාkර්තා අරන විදිහට Huawei වෙනුවට alternative suppliers විදිහට NEC Corp (6701.T) සහ Fujitsu Ltd (6702.T) නම් කරලා තියෙනවා.

ඉතින් මේ වෙද්දී ඒ ගැන බ්‍රිතාන්‍ය සහ ජපානය අතර සාකච්ඡා කරමින් පවතිනවා කියලත් වාර්තා වෙනවා.

යුරෝපා සංගමයෙන් ඉවත්ව යන අවධියකයි මේ විදිහට Huawei සමාගම සම්බන්ධයෙන් ඇති ආරක්ෂක ගැටලු වලට බ්‍රිතාන්‍ය අගමැති Boris Johnson මහතා අවධානය යොමු කරන්නේ. ඉතින් මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයට චීනය සහ ඇමෙරිකාව අතර තෝරා ගැනීමක් කරන්න උනා. අවසානයේ දී බිලියන් ගණනාවක investment එකක් පසෙකලා ඔවුන් ඇමෙරිකාව තෝරා ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට Huawei සමාගම බ්‍රිතාන්‍යයේ 5G networks වලින් තහනම් උනා.

වාර්තා වන විදිහට ජපානයේ ආධාර ලැබුනොත් බ්‍රිතාන්‍යයට ලොකු පිරිවැයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ටෝකියෝ නගරයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලය සහ Fujitsu සමාගම නිසියාකාරව ප්‍රතිචාර දක්වලා නෑ. ඒ වගේම මේ ගැන Huawei සමාගම සහ චීනයත් තවම ප්‍රතිචාර දක්වලා නෑ.

කෙසේ උවත් බ්‍රිතාන්‍ය ඩිජිටල් අමාත්‍යවරයා වන Oliver Dowden මහතා සඳහන් කලේ ඔවුන් Huawei සමග තරඟ කිරීමට ජපානයට අමතරව ෆින්ලන්තයේ, ස්වීඩනයේ සහ දකුණු කොරියාවේ සමාගම් සමගත් සාකච්ඡා කරමින් යන බවයි.

Source : Reuters