Loading...
iOS 13.5 සඳහා Unc0ver Jailbreak නිකුත් වෙයි

iOS Jailbreak හා Android Rooting කරන හැමෝම මේ දේ කරන්නේ අපි ආසා කරන Device එකේ තියන customizing limits වලට වඩා එහා ගිය නිදහසක් ලබාගන්න. ඒත් Android වලටත් වඩා iOS වල තියෙන Limitations නිසා iOS Device එකක් Jailbreak කරන්න ගොඩක් අය කැමතී. ඒක නිසා තමා අලුත් Unc0ver exploit වගේ Jailbreaks වලට හැමෝගෙම අවදානය යොමු වෙන්නේ. ඒ වගේම ඉතාම කලාතුරකින් තමා අලුතින්ම release උන iOS version එකකට ඉක්මනටම මේ වගේ Jailbreak එකක් release වෙන්නේ. ඉතිං මේ unc0ver jailbreak එක Apple iPhone / iPad වලට iOS 11 ඉදන් iOS 13.5 වෙනකන් available වෙනවා. ඒත් iOS 12.3 / 12.3.2 / 12.4.2 / 12.4.5 යන version වලට නම් support කරන්නේ නෑ. ඉතිං ඔයාලා ඉන්නේ මේ unsupported version එකක නම් , අලුත් device එකක් නම් iOS 13.5 වලට වගේම පරණ device එකක් නම් iOS 12.4.7 වලට update කරගෙන මේ jailbreak එක කරන්න පුලුවන්.

අලුත් Jailbreak එක මෑත කාලේ ආව ලොකුම exploit එකක් කීවොත් හරි. ඒ වගේම ලගදි chip level exploit එකක් ආවා checkra1n කියලා. මේක A7 සිට A11 chip එකක් තියෙන ඔනෙම Apple iOS device එකක් support කරනවා. ඒත් මේ unc0ver jailbreak එක use කරන්නේ zero-day exploit එකක්. මේ වගේ exploit එකක් jailbreak වලට අන්තිමට භාවිතා උනේ iOS 8 වලදි. ඒ වගේම මේ jailbreak එක කරන්නත් හරිම ලෙසී. ඔයාලට කරන්න තියෙන්නේ Altstore වගේ software එකකිම් unc0ver .ipa එක side load කරන එක විතරයි. ඉතිං මෙක කරන හැටි full tutorial එකක් unc0ver website එකේ තියෙනවා.

ඒ වගේම මතක තියාගන්න ඔනේ දෙයක් තියෙනවා මේ jailbreak එකේදි ඔයාලා අලුත් iOS version එකක ඉදන් නම් යන්නේ. සමහර ඔයාලා ආසා කරන tweeks support කරන්නේ නැති වෙන්න පුලුවන්. ඉතිං ඒ tweeks අලුත් version වලට update වෙනකන් ඉන්න වෙනවා. ඉතිං jailbreak කරපු ගමන් tweeks install නොකර ටිකක් හොයලා බලලා full support නම් විතරක් කරන එක තමා හොදම.

ඉතිං මේ jailbreak එක අපිට ගෙනාවට unc0ver team එකට Thanks කරන්න ඔනේ ඒ වගේම මේකට sponsor කරන්නේ youtuber කෙනෙක් ඒ තමා EverythingApplePro; එයා එයාගේ අලුත්ම Rebel Phone Case Lineup එක promote කරන්නත් එක්ක තමා මේ දේ කරන්නේ.