Loading...
ඉදිරියේදී නිකුත් වීමට ඇති Xbox console දෙකක් Korean NRRA Certification වෙබ් අඩවියේ සටහන් වේ

Microsoft සමාගම විසින් මේ වෙද්දි ඔවුන්ගේ අලුත්ම gaming console එක announce කරල තියෙනවා. ඒ Xbox series X කියන නමින්. ඉතින් නුදුරේදීම එය වෙලඳපලට නිකුත් වීමට නියමිත වෙනවා. ඒ වගේම මෑතකදි Windows OS එකේ code එකක් මගින් තවත් දෙයක් spot වෙනවා ඒ තමා codename loakhart විදිහට define උනු අලුත් gaming console එක. බොහෝ දෙනා ඒක සැක කරන්නෙ Xbox series S විදිහටයි. කෙසේ වෙතත් Microsoft ලා මේ leak වුනු gaming console එක ගැන තවමත් කිසිම දෙයක් ප්‍රකාශ කරලා නෑ.

Xbox series X එක වෙළඳපලට නිකුත් වීමට තියෙන අවධියක වගේම තවත් gaming console එකක් ගැන announce කරන්නත් තියෙන අවධියක අපිට Microsoft XDK (Xbox Development Kit) එකක certification එකක් ගැන විස්තර ලැබෙනවා. ඉතින් මේක නිකුත් වෙලා තියෙන්නෙ Korean NRRA platform එකේ 1881 කියන model number එක යටතේයි. ඉතින් මේ XDK එක එක්ක අපිට spot උන තවත් දෙයක් තමා model number 1843, 1888 සහ 1889 යටතේ නිකුත් වූ Microsoft ලගේ wireless devices තුනේ certifications. ඉතින් මේ certification වලින් reveal වෙන්නෙ මොනවද?

අලුත් Xbox දෙකක් certify වෙලා!

ඉතින් මේ device එකේ model number එක ඇරෙන්න වෙන කිසිම දෙයක් අංක 1881 certification එකෙන් අපිට reveal වෙන්නෙ නෑ. XDK 1881 බොහෝවිට Xbox series X හෝ Xbox series S එක වෙන්න පුලුවන් (codename lockhart) kකෙසේ එතත් අනිවාරෙන් ම එය ඉදිරියට එන්න තියෙන gaming consoles දෙකෙන් එකක් වෙන්න නම් ඕනි.

NRRA වල certify උන wireless controllers තුන.

Microsoft 1843, 1888 සහ 1889 කියන wireless devices වලට එද්දි, මේ certifications reveal කරන විදිහට මේවා හැදින්වෙන්නේ small output wireless devices විදිහටයි. ඉතින් බොහෝමයක් විචාරක මත වලට අනුව මේවා Xbox series X, Xbox series S හෝ ඒ series දෙකම එක්ක එන controllers වෙන්න පුලුවන්. ඒත් මේ තොරතුරු Microsoft ලා විසින් තවම confirm කරලා නෑ.

කෙසේ වෙතත් මේ wireless devices certify වෙලා තියෙන්නෙ XDK 1881 device එක certify උන කාලයේමයි කියන fact එක සලකද්දි, Microsoft 1843, 1888 සහ 1889 කියන devices XDK 1881 කියන device එකට අයිතියි කියන දේ වගේම ඒවා gaming controllers කියන දේත් අපිට පැහැදිලීයී.

ඉතින් මේ XDK එක ගැන තවදුරටත් වැඩි විස්තර නුදුරේ ම අපිට දැනගන්න පුලුවන් වේවි. ඒ වගේම Microsoft සමාගම සිය අලුත්ම gaming console එකේ launching event එක ජූලි මාසයේදි online පවත්වනව කියලත් තොරතුරු ලැබෙනවා. ඒ ගැන ඔයාගෙ අදහස් මොනවද? කතා කරමු comment section එකේ.

Source: xboxera