Loading...
5G ජාලය සඳහා Huawei උපාංග භාවිතා කිරීමෙන් වලකින ලෙස ඇමරිකාව විසින් දකුණු කොරියාවට බලපෑම් කරන ලකුණු

එක්සත් ජනපදය සහ චීනය අතර අපවතින ගෝලිය වෙලඳ අර්බුදය හමුවේ විශාල වශයෙන් බැට කන සමාගමක් ලෙස Huawei සමාගම හැඳින්විය හැකිය. මෙම වෙළඳ අර්බුදය හමුවේ Huawei සමාගමට සීමා පැනවුන ආකරය පිලිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදීම අප විසින් ඔබ වෙත පුවත් වාර්තා කල අතර ඇමරිකානු එක්සත් ජනපදය විසින් නැවත වතාවක් එවැනිම ආකාරයේ සීමාවන් පැනවීම සඳහා දකුණු කොරියාව වෙත බලපෑම් කරමින් සිටින බව වාර්තා වනවා.

මෙම වෙලඳ අර්බුදය හමුවේ ඇමරිකාවේ බලපෑම්  වලට හිස නමා තම 5G ජාලය සඳහා භාවිතා කරන Huawei සමාගමේ උපාංග මිලදී ගැනීමෙන් වැලකී සිටන සමාගම් බොහොමයක් පවතින අතර දකුණු කොරියාවෙන් වාර්තාවන ආකාරයට එක්සත් ජනපද කොන්ග්‍රස් කමිටුව විසින් පෙන්ටගනයට ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන් වන ආකාරයට, එක්සත් ජනපද යුධ හමුදාවන් විසින් කඳවුරු පිහිටුවා ඇති රටවල ජංගම දුරකතන ජාල සඳහා චීන සමාගම් වල උපාංග යොදා ගැනීමෙන් එම බල ඇණි සහ ඔවුන්ගේ ආයුධ තර්ජනයට ලක් වන බැවින් ඒ පිලිබඳව සලකා බලන ලෙස පවසා තිබෙනවා.

මෙලෙස ඉදිරිපත් කර ඇති වාර්තාව ඔවුන් විසින් නම් කර ඇත්තේ the 2021 National Defense Authorization Act ලෙසින් වන අතර එය the Senate Armed Services Committees විසින් අනුමත කර ඇත. නුදුරේදීම එය සම්මත කර ගැනීම සඳහා ඉදිරි පත් වන බව කොරියානු වාර්තාවේ සඳහන් වනවා.

යම් හෙයකින් මෙම පනත සම්මත වුවහොත්, එක්සත් ජනපදය විසින් තම බල ඇණි පිහිටුවා ඇති රටවලට Huawei සමාගම හෝ එක්සත් ජනපදයේ ආරක්ෂාවට බලපෑමක් වේයැයි සිතෙන වෙන ඕනෑම සමාගමක් තහනම් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

දකුණු කොරියාව යනු එක්සත් ජනපද හමුදා බල ඇණි හරහා තම රටේ ආරක්ෂාව තර කරගෙන සිටින රටක් වන අතර එම හේතුව නිසා ඉදිරියේදී Huawei සමාගමේ උපාංග භාවිතා කරන සමාගම් වෙත ඒවා භාවිතා කිරීම තහනම් කරන ලෙස බලපෑම් කිරීමට ඉඩ කඩ තිබෙන බව Chosun විසින් වාර්තා කර තිබෙනවා. එහිදී දකුණු කොරියාවේ ප්‍රධානතම ජංගම දුරකතන සේවා සපයන්නෙකු වන LG UPlus ආයතනය තම 5G ජාලය සඳහා Huawei සමාගමේ උපකරණ භාවිතා කිරීම සිදු කරනු ලබනවා.

LG UPlus සමාගම විසින් 2013 වර්ෂයේ සිට තම ජංගම දුරකතන ජාලය සඳහා Huawei උපාංග භාවිතා කරන අතර, ඔවුන්ගේ යටිතල පහසුකම් වලින් 30%කට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ ජාලය තුල ස්තාපනය කර ඇත. යම් හෙයකින් ඇමරිකාව විසින් LG UPlus ආයතනය වෙත බලපෑම් සිදු කිරීම කල හොත් ඒ සඳහා වන පිරිවැය දරා ගැනීමේ අපහසු තාවයක් තමන් හට වන බව පවසා ඇත.

ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධව තවත් අදහස් දක්වමින් LG UPlus ආයතනය විසින් ප්‍රකාශ කර ඇත්තේ, එවැන් ගැටළුවොක් උද්ගත වුවහොත්, ඇමරිකානු යුධ කඳවුරු පිහිටා තිබෙන Pyeongtaek සහ Uijeongbu ප්‍රදේශයන්ගේ පමණක් පවතින Huawei උපාංග වෙනුවට Ericsson සමාගමේ උපාංග භාවිතා කර ජාලය නැවත පිහිටුවිය හැකි බවයි.

දකුණු කොරියානු රජයද මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ, තම දුරකතන සේවා සපයන ආයතනයන් විසින් භාවිතා කල යුත්තේ කුමන උපාංගදැයි යන්න තීරණය කිරීමේ නිදහස සහ අයිතිය එම ආයතන සතු වන අතර ඒ සඳහා තමන්ට බලපෑම් කල නොහැකි බවයි.

Source: Gizmo China, CHOSUNILBO