මීට දින කිහිපයකට කලින් Facebook සමාගමේ සම නිර්මාතෲ වන Mark Zuckerberg විසින් නිවේදනය කරන ලද්දේ Facebook සමාගමේ මවු සමාගමේ නම Meta යනුවෙන් වෙනස් කරන බවයි. එහිදී ඔවුන් විසින් ඉදිරියේදී නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම තාක්ෂණික ලෝකය පිලිබඳව හෙලිදරව් කිරීම සිදු කරනු ලැබුවා.
නමුත් ඊට දින කිහිපයකට පසුව ට්විටර් සටහනක් තබමින් ග්‍රීසියේ හිටපු මුදල් ඇමතිවරයෙකු වන Yanis Varoufakis විසින් ප්‍රකාශ කර ඇත්තේ Meta යන නාමය Mark Zuckerberg විසින් වාමාංශික පරිභාශිත මාලාවෙන් සොරාගෙන ඇති බවයි.
Hands off our mέta, our Centre for Postcapitalist Civilisation https://t.co/t9aIR0ahSC, Mr Zuckerberg. You, and your minions wouldn't recognise civilisation even if it hit you with a bargepole pic.twitter.com/aleOplqo12
— Yanis Varoufakis (@yanisvaroufakis) October 28, 2021
ඔහු පවසන ආකාරයට වාමාංශික මත දරන්නන් කාලයක සිට Meta යන නාමය වාමාංශික දේශපාලනික අර්ථයෙන් භාවිත කර ඇති බවත් Mark Zuckerberg විසින් එම නාමය නව ශිෂ්ටාරයක් යන්න අර්ථ ගැන්වෙන ලෙස ඔවුන්ගේ සෙවාවන් සඳහා භාවිතා කර ඇති බවත්ය.
තවදුරටත් අදහස් දක්වමින් Yanis Varoufakis විසින් ප්‍රකාශ කර ඇත්තේ, Center for Post-Capitalist Civilization යන වාමාංශික චින්තන පර්ෂදය විසින් Meta නාමය භාවිතා කර ඇති බවයි. එම ප්‍රර්ෂදය තුල Noam Chomsky, Srećko Horvat Brian Eno, Ken Loach සහ James K. Galbraith යන අය සාමුහිකව කටයුතු කරන අතර Yanis Varoufakis එහි උපදේශක වරයෙකු ලෙස කටයුතු කරනවා.
මෙම Meta හරහා ඔවුන් විසින් වෙනස් වූ දේශපාලනික ආකෘතියක කටයුතු කරමින් සිටින අතර ඒ තුල ඔවුන් විසින් කලාව සහ අධ්‍යාපනික පරීක්ෂණ සම්බන්ධ කරගෙන කටයුතු සිදු කරමින් සිටිනවා. ධනවාදයට එරෙහිව කටයුතු කරමින් සිටින ඔවුන්ගේ මෙම ව්‍යාපාරයේ නම මේ ආකාරයට තාක්ෂණික සමාගම විසින් ලබා ගැනීමෙන් එය ධනවාදී වැඩවසම් සාමාජයක් වෙනුවෙන් යොදා ගැනීම සිදු කරමින් සිටින අතර ඒ හරහා ඔවුන්ගේ ව්‍යාපාරය අභියෝගයට අක් කර ඇති බව Yanis Varoufakis පවසා සිටිනවා.
Source: Greek Reporter