Loading...
Content Creatorsලා වෙනුවෙන්ම Western Digital විසින් නව storage devices කිහිපයක් හඳුන්වා දෙයි

Western digital විසින් ඉහළ කාර්ය සාධන මට්ටමකින් යුත් scalable සහ reliable SanDisk storage solutions හදුන්වා දී තිබෙනවා. මෙම solutions සදහා SanDisk Professional PRO-G40 SSD, G-RAID Shuttle SSD, G-DRIVE Enterprise-Class Desktop Hard Drive, සහා PRO-DOCK 4 යන උපාංග ඇතුලත් වනවා.

image : Beebom

නව SanDisk Professional Pro-G40 SSD එක ස්වභාවයෙන් දැඩි (rugged) උපාංගයක් වන අතර එය IP68 rating එකක් සමගින් පැමිණේ. තවද මෙය 2700MB/s අධිවේගී reading සහ 1900MB/s write speed සදහාද support කරන අතර තත්පර 30 කින් පමණ 50GB දක්වා දත්ත මාරු කළ හැකිය.  SSD එක Thunderbolt 3 (40Gbps) සහ USB 3.2 Gen 2 (10Gbps) යන දෙකටම support වන අතර heat control සදහා සිසිල් ඇලුමිනියම් හරයකින් සමන්විත වනවා. මීට අමතරව Pro-G40 SSD එක up to 1800kg crush resistant පහසුකම සහ මීටර් 3 දක්වා drop resistant පහසුකමින්ද යුක්ත වනවා. තවද වසර 5ක වගකීමක් ඇතිව මෙය පරිභෝගිකයට මිලදී ගත හැක.

SanDisk Professional G-Raid Shuttle SSD පිළිබද සදහන් කිරීමේදී එය 32TB දක්වා storage පහසුකමින්ද , 2800MB/s දක්වා reading speed එහෙකින්ද යුක්ත වනවා. තවද එය Thunderbolt 3 (40Gbps) සහ USB-C (10Gbps) interface සඳහාද support කරන අතර මේ සදහාද වසර 5 ක වගකීමක් ලැබේ.

SanDisk Professional G-Drive Enterprise-Class Desktop Hard Drive එකද  USB-C (10Gbps) සඳහා support වන  අතර 280MB/s දක්වා reading සහ 280MB/s write  (22TB capacity) speed වලින්ද යුක්ත වනවා. මෙයටද  වසර 3ක වගකීමක් ලැබේ.

image : Beebom

SanDisk Professional Pro-Dock 4 හට විවිධ SanDisk Professional PRO-READER උපාංග 4ක් දක්වා offload කිරීමේ පහසුකම ලැබෙන අතර එය Thunderbolt (40Gbps) සඳහා support කරයි.  මේ සදහාද වසර 3ක වගකීමක් ඇත.

මෙම උපාංග SanDisk online stores වලින් මිලදී ගත හැකිය.

Source: beebom.com The Statesman