Loading...
අපි නොදැනුවත්වම අපේ PC එක Zombie PC එකක් කරන BOTNET වලින් බේරෙන්නේ කොහොමද?

මොනවද මේ botnet?

ඇත්තටම කියනවා නම් ගොඩක් අය අහලා නැති වචනයක් තමා මේ botnet කියන්නේ.ඉතින් මේ bot කියන නම එන්නේ robot කියන වචනෙන් bot කියන කෑල්ල භාවිතා වෙලා.මෙතනදි අපි කතා කරන්නේ robot ලා ගැන නම් නෙමේ! Bot programs ගැන. Bot program එකක් යොදාගෙන හදාගන්න network එකක් තමා bot net කියන්නේ. ඉතින් bot net නිර්මාණය කරන්නේ ඉතාමත් දක්ශ hackers ලා විසින්!

මොනවද Bot net වලින් කරන්නේ?

Robot program එකක ඉස්සර වෙලාම කරන්නේ අපේ පරිඝණකයට Trojan වැඩසටහනක් වගේම අපේ අනුදැනුමකින් තොරව install වෙනවා! ඉතින් ඊටපස්සේ ක්‍රමයෙන් පරිඝණකය තම අනසකට ගැනීමට මේ program එකට හැකියාව ලැබෙනවා! මේ විදිහට පරිඝණක රාශියක් එකතු කරගෙන හදාගන්න network එකක් තමා bot net කියන්නේ.

මේ විදිහට හදාගන්න bot net එකේ තියෙන පරිඝණක හදුන්වන්නේ zombie PC s කියලා. මොකද මෙතනින් එහාට පරිඝණකය භාවිතා වෙන්නේ hacker ට උවමනා විදිහට! නමුත් මෙතනදී මේ කිසි දෙයක් user ට නොදැනෙන්න තමා සිද්ද වෙන්නේ. User ට තමන්ගේ එදිනෙදා වැඩ කිසිම ගැටලුවකින් තොරව කරගන්නත් පුලුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් user ට දැනෙන්නෙත් නැත්තම් කොහොමද මේක zombie PC එකක් වෙන්නේ කියලා?

මෙතනදී hacker විසින් භාවිතා කරන්නේ අපේ PC එකේ processing power එක වගේ දේවල්. ඉතින් මේවා යොදාගෙන කරන්න පුලුවන් දේවල් ගැන කියනවා නම්,

  • Bit coin mining
  • විශාල ප්‍රමාණයේ DDOS Attacks
  • විශාල වශයෙන් spam email යැවීමට

ඇමරිකාව කේන්ද්‍රය කරගෙන තැනුන Rastock බොට්නෙට් එක අකර්මණ්‍ය කරනු ලැබුවේ ඇමරිකාවේ පොලිසිය,Microsoft සමාගම සහ FireEye කියන cyber ආරක්ෂක සමාගම සමඟ එකතු වෙලා.ඉතින් ඒ වෙනකොට මේ බොට්නෙට් එකට පරිඝණක 24,000,000 ක් විතර සම්බන්ධ වෙලා තිබුනේ! ඉතින් මේ බොට්නෙට් එක තමා internet එකේ spam තදබදයට සෘජුවම බලපෑමක් ඇති කරලා තියෙන්නේ.මොකද මේ බොට්නෙට් එකෙන් දිනකට spam email කෝටි 3000ක් විතර යවලා තියෙනවා.

කොහොමද මේ botnet පැතිරෙන්නේ?

Botnet එකක් ගොඩක් වෙලාවට Trojan horse malware එකක් විදිහට තමා කෙනෙක්ට සම්බන්ධ වෙන්නේ.ඉතින් මෙතනදී උපක්‍රම කීපයක්ම බොට්කරුවා විසින් භාවිත කරනවා.

  1. ව්‍යාජ Antivirus software.
  2. Fake downloads ඒ කියන්නේ user download කරන file එක වෙනුවට malware එක අඩංගු file එකක් download කරන්න සැලැස්වීම.
  3. නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතයෙන්(cracks, patches)

ඉතින් කොහොමද මේවගෙන් ආරක්ෂා වෙන්නේ?

  1. පිලිගත් antivirus software එකක් භාවිත කිරීම සහ ඒක නිසි පරිදි update කරගැනීම.
  2. විශ්වාසයදායී websites පමනක් භාවිත කිරීම.
  3. Cracks, patches භාවිතා කරන විට අවශ්‍යම නම් පමනක් virus guard එක off කිරීම.

වගේ දේවල් වලින් අපිට මේ botnet වලින් ආරක්ෂා වෙන්න පුලුවන්.