පරිගණක වලට Data සහ Information Store කරගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. නමුත් පරිගණක ඒ වැඩේ කරන්නේ මේ Storage Devices වල උදව්වෙන් තමයි පරිගණකය මේ Data, Information Store කරගන්නේ. ඒ වගේම තමයි ඒ ඒ Storage Devices වැඩකරන විදිය එකිනෙකට වෙනස් වෙනවා. අපිට Computer Memory එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒවා නම්.

  1. Main Memory (ප්‍රධාන මතකය)
  2. Secondary Memory (ද්වීතියික මතකය)

අපි දැන් මේ කොටස් දෙක ගැන වෙන වෙනම කතාකරමු.

01. Main Memory (ප්‍රධාන මතකය)

CPU එකට කෙලින්ම Access කරන්න පුළුවන් Memory අපි Main Memory කියලා හඳුන්වනවා. මේ Main Memory වර්ග තුනක් තියෙනවා. අපි දැන් බලමු ඒ වර්ග තුන සහ ඒවගේ ක්‍රියාකාරිත්වය ගැන.

  • Random Access Memory (RAM)
    RAM එකේ කාර්යය වෙන්නේ Data තාවකාලිකව රඳවා තබාගන්න එකයි. ඒකේ රඳවා තබාගන්න Data, පරිගණකයේ එකේ විදුලිය විසන්දි කරාම Automatically Erase වෙලා යනවා. ඒක නිසා මේක Volatile Memory ගණයට අයත් වෙනවා. පරිගණකයක Efficiency එක වැඩි වෙන්නත් මේ RAM එක ගොඩක් උපකාරී වෙනවා.
  • Read Only Memory (ROM)
    මේ ROM එකේ තියෙන Data, පරිගණකය Power Off කරාම Erase වෙලා යන්නේ නෑ. ඒක නිසා මේ ROM එක Non-volatile  Memory ගණයට අයත් වෙනවා. Computer එකේ මූලික ක්‍රියාකාරිත්වයට ඕනේ Data සහ Commands Store කරගෙන ඉන්නේ මේ ROM එක තමයි. පරිගණකයේ Motherboard Manufacturer විසින් BIOS වගේ වැඩසටහන් මේ ROM එක ඇතුලේ Store කරලා තියෙනවා. ROM එක  Computer Motherboard එකටම සම්බන්ධ කරලා තමයි තියෙන්නේ.
  • Cache Memory
    මේ Cache Memory එක අනිත් Memory වලට වඩා ප්‍රමාණයෙන් ගොඩක් කුඩා වුණත් ඉතාමත් වේගයෙන් ක්‍රියාකරනවා. මේක CPU Memory කියලත් හඳුන්වනවා. CPU එක සහ Primary Memory එක අතරමැදියා විදියට නිතර භාවිතා වෙන දත්ත රඳවා තබාගන්නවා. මේ Cache Memory එකත් Volatile Memory ගණයට අයත් වෙනවා.

02. Secondary Memory (ද්වීතියික මතකය)

Data සහ Information ස්ථීරවම Store කර ගන්න ඒවා Secondary Memory නොහොත් Secondary Storage ලෙසින් හඳුන්වනවා. මේවා ඇතුළතින්, පිටතින් Computer එකට සම්බන්ධ කරන්න පුළුවන් වගේම එහා මෙහා ගෙනියන්නත් පුළුවන්. විදුලිය නැති වෙලාවල් වලදී Data Erase වෙන්නේ නැති නිසා මේ Secondary Memory එක Non-Volatile Memory ගණයට අයත් වෙනවා.

මේ Secondary Memory වලට උදාහරණ කීපයක් සහ ඒවා වැඩකරන විදිය අපි දැන් බලමු.

  • Hard Disks
    Data සහ Information Store කරගැනීමට ගොඩක් වෙලාවට යොදාගන්න මේ Hard disk සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ පරිගණය එක තුළයි. ඒවගේම තමයි External Hard disk එහෙමත් අපිට බලාගන්න පුළුවන්. මේ Hard disk විවිධ ධාරිතාවයන්ගෙන් සමන්විත වෙනවා. Hard disk එක තුල Userට ලියන්න සහ කියවන්න පුළුවන් නිසා මේ Hard disk, read/write memory එකක් විදියට හඳුන්වනවා. සාමාන්‍යයෙන් මේවගේ ධාරිතාවය 250GB - 4TB අතර ප්‍රමාණ වලින් පවතින නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක මේක දිනෙන් දින වෙනස් වෙනවා.
  • Floppy Disks
    Magnetic Technology එක භාවිතා කරමින් Data Read කිරීම සහ Write සිදුකරන මේ Floppy Disks අද වෙනකොට භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. අනෙකුත් Storage Devices එක්ක බලනකොට මේ Floppy Disk වල ධාරිතාවය ගොඩක් අඩුයි. ඉතා අඩු වේගයකින් Data Read/Write කරන මේ Floppy Disks අඟල් 8, අඟල් 5.25, අඟල් 3.5 (3 1/2") වගේ Sizes වලින් නිෂ්පාදනය කරලා තියෙනවා.
  • Optical Discs
    Data Store කිරීම සහ එහා මෙහා ගෙනියන්න වර්ථමානයේ බහුලව භාවිතා කරන Storage Devices වලින් එකක් විදියට මේ Optical Disks හඳුන්වන්න පුළුවන්. Optical Disks ප්‍රධාන වශයෙන් ආකාර තුනක් දැකගන්න පුළුවන්. ඒවානම්,
    1. Compact Discs (CD).
    2. Digital Versatile Discs (DVD).
    3. Blu-ray Discs.
  • USB Flash Drive
    පහසුවෙන් එහාමෙහා ගෙනියන්න පුළුවන් සහ ඉතාමත් වේගයෙන් Data Transfer කරන්න පුළුවන් නිසා වර්ථමානයේ බහුලව භාවිතා වෙන Storage Device එකක් විදියට මේ USB එක හඳුන්වන්න පුළුවන්.
  • Memory Card
    USB Flash Drive එකට සමානව ක්‍රියාකරනවා. නමුත් පරිගණකයට Connect කරන විදිය වෙනස් වන අතර Device එකේ ප්‍රමාණය කුඩායි. Digital Cameras, Smartphones වල බෙහෙවින් මේ Memory Cards භාවිතා කරනවා