Loading...
නොමිලේ Digital TV බලන්න පුළුවන් Freesat ගැන දැනගනිමු

Digital TV කිව්වාම අපි හැමෝටම වගේ මතක් වෙන දෙයක් තමයි PEO TV සහ Dialog TV  කියන්නේ. මේ සේවාවන් දෙකම අපි ලබා ගන්න කොට අපෙන් මාසික ගාස්තුවක් මේ සේවා සපයන ආයතන විසින් අය කරනවා. ඒත් මේවායේ නොයෙකුත් සීමාවන්ද තියෙනවා. නමුත් මෙසේ සීමාවන්ද නැති නොමිලයේ ම TV බලන්න පුළුවන් Freesat සේවාව ගැන තමයි අද මේ ලිපියෙන් අපි ගෙන එන්නේ.

Freesat යනු,

Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය මඟින් Satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම නොමිලයේ Digital TV ආවරණය ලබා දෙන සේවාවක්. මෙලෙස Digital TV සේවාවක් නොමිලයේ ලබා දීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුනත් එංගලන්තය, ඉන්දියාව වැනි විදේශ රටවල මේවා බොහෝ ජනප්‍රිය සේවාවන් වනවා.

Freesat හි භාවිතා වන තාක්ෂණය

මේ සඳහා මූලික ලෙසම DVB-S2X Satellite තාක්ෂණය යොදා ගන්නවා. Freesat ප්‍රේක්ෂකයන්ට Free වුවත් Free-to-Air Service නොවන අතර මෙය Free-to-View ලෙස හඳුන්වනවා. එනම් මේ සේවාව Encrypted එකක්. මෙයට ප්‍රධානතම හේතුව මේ හරහා විකාශය කරන නාලිකා වල විකාශය වන Content වල Copyrights වලට අනුව ඒවා ලංකාවෙන් පිටතට යෑම තහනම් වීම නිසා. නමුත් මේ Satellite Signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුව මේ සේවාව Encrypt විය යුතුයි.

Freesat භාවිතා කිරීමේ වාසි

ශ්‍රීී ලංකාව වැනි භූ විෂමතාවයෙන් අධික රටක Terrestrial Broadcasting කිරීම ඉතා අපහසු වනවා. දැනට ක්‍රියාත්මක වෙන Analog Television වල පවා මේ භූ විෂමතාව අධික ප්‍රදේශ වල නොපෙනෙන අවස්තා තිබෙනවා. මේ නිසා Satellite හරහා සම්ප්‍රේශණය කිරීම වඩාත් යෝග්‍ය වනවා. මේ තුළින් මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකි වනවා.
තවද විද්‍යුත් සංඛ්‍යාත වල පවතින සීමාසහිත බව සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සුපැහැදිලි දසුන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන අතර, Freesat භාවිතා කරන මේ තාක්ෂණය සඳහා HD සහ 4K දසුන් සහිත අධික සංඛ්‍යාත වල කිරණද ගැටලුවකින් තොරව සම්ප්‍රේෂණයට හැකියාවක් තිබෙනවා.

සැ.යු. : අධික වර්ෂාපතනය සහිත තත්වයන්හි මෙහි ඇති Dish එක වෙත Satellite Signal සාමාන්‍ය ලෙස සම්ප්‍රේෂණය වීමට අපහසු වන අතර එම අවස්ථාවලදී පමණක් අනෙකුත් Dish TV සේවාවන් මෙන් මෙහිද නැරඹීමේදි යම් දෝෂ ඇතිවනවා.

Freesat හි දැනට අඩංගු වෙන නාලිකා

Freesat හරහා දැනට නාලිකා 31ක් නැරඹිය හැකි අතර ඒවා ඉහත රූපසටහනේ දැක්වෙනවා. මෙහි මූලික වශයෙන්ම දේශීය නාලිකා අඩංගු වන අතර ගෙවීමක් සිදු නොකර නොමිලේ නැරඹිය හැකි සමහර විදෙස් නාලිකාද මෙහි අඩංගු වනවා. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ සපයන සේවාවක් නිසා මේ හරහා Discovery, National Geographic වැනි ගෙවීම් සිදුකර ලබා ගත යුතු විදෙස් නාලිකා නැරඹීමට හැකියාවක් නැහැ.

මේ වන විට Freesat ආයතනය විසින් නිවේදනය කර ඇත්තේ ඉහත සඳහන් රූපවාහිනී නාලිකා පමණක් වන අතර ඉදිරියේදී තවත් රූපවාහිනී නාලිකා මෙයට එක්වනු ඇත.

Freesat සම්බන්ධතාවයන් වල විවිධ ආකාර

Antena kit with Setup Box

ඔබ සම්බන්ධතාවයක් මිලදී ගන්නා විට ඔබට තොරාගැනීමට ලැබෙන පළමු ආකාරය මෙය වනවා. මෙහිදී Freesat හරහා නැරඹීමට Antena Kit එක සහ Set-top box එක මිලදී ගත යුතු වනවා. මේ Set-top box එක රු. 9,250 වන අතර Antena kit එකෙහි මිල ගණන් පිළිබඳ තොරතුරු තවම නිකුත් කර නැහැ. මේ Set-top box එක සමඟ HDMI Cable/AV Cable, Power Supply සහ Remote Controller එකක් ලැබෙනවා.

Freesat Home Hub

මේ Freesat home hub device එක තවමත් නිල වශයෙන් නිකුත් කර නැහැ. මෙය වාසි රැසක් අන්තර්ගත වන Device එකක්. ඔබ Home Hub එකක් මිලදී ගත් විට මෙය Wi-Fi Router එකකට සම්බන්ධ කළ පසු තම නිවසේ තිබෙන ඕනෑ Screen Casting පහසුකම ඇති TV දෙක තුනකින් වුවත් එකවර Freesat හරහා TV බැලීමට හැකි වනවා. ඊටත් අමතරව මෙහි 500GB recorder එකක් ඇති අතර මෙය උපයෝගී කරගනිමින් අපට අවශ්‍ය වැඩසටහන් පටිගත කිරීමටද හැකියාව ලැබෙනවා.

Freesat DVB TV

මේ Freesat DVB Tv එක Full HD වනවා. කෙසේ වෙතත් මෙයත් තවම නිකුත් කර නොමැති අතර මේ හරහා නැරඹීමට Set-top box එකක් හෝ Home Hub එකක් අවශ්‍ය නොවන අතර එම සේවාව Smart TV එකක මෙන් මේ TV එක තුළම ඇතුළත් කර තිබෙනවා.

ඉහත දැක්වූ සියලුම උපාංග සඳහා වසරක නිෂ්පාදක වගකීමකුත් ලැබෙනවා.

Freesat සම්බන්ධතාවයක් ලබා ගන්නා ආකාරය

ඔබට https://freesat.lk/switch-to-digital/ හරහා නිල Freesat වෙබ් අඩවියට පිවිස ඔබේ නම, දුරකථන අංකය, ලිපිනය, දිස්ත්‍රික්කය සහ ප්‍රදේශය ලබා දීමෙන් ඔබට Freesat සබඳතා නිවසටම ඇණවුම් කිරීමට හැකියාව පවතිනවා.

දැනට Freesat වෙලඳපොලෙන් ලබා ගත නොහැකි අතර, මුළු දිවයිනම ආවරණය වන ලෙස සේවා මධ්‍යස්ථාන හා අලෙවි නියෝජිත 160ක් සඳහා නියෝජිතයින් පත් කිරීමට ඉල්ලුම් පත් කැඳවා තිබෙනවා. ඔබත් මේ සඳහා උනන්දුවක් දක්වන්නෙක් නම් සහ Satellite TV, CCTV වැනි දේ අලෙවිය සහ සවි කිරීම සිදුකර පළපුරුද්දක් ඇත්නම්, මේ හරහා අදම ඉල්ලුම් කිරීමට පුළුවන්.

හරි මම හිතනවා ඔයාට Freesat සම්බන්ධයෙන් සහ එහි පවතින විවිධ ආකාරයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඔයාල මේ ගැන තව ගැටලු තියෙනවා නම් අපේ Forum එකේ මේ Thread එකට ගැටලුව යොමු කරලා පහසුවෙන්ම විසඳුමක් ලබා ගන්න පුළුවන්.

තවත් මෙවැනිම ලිපියකින් ඉක්මනින්ම හමුවෙමු. සුභ දවසක්!

ඉහත දක්වා ඇති සියලුම රූප Freesat.lk වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලදී.