Loading...
ජංගම දුරකතන වල ඔත්තු බලන්න ලංකාවට අරගෙන එන්න යනවා කියන පෙගසස් කියන්නේ මොකක්ද?

Privacy එක කියන්නෙ මොකක්ද? ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? කියලා දෙපාරක් නෙමෙයි දහස්වතාවක් හිතල බලන්න වෙන තත්වෙට අද ලෝකය පත් කරන්න සමත් වෙච්ච මෘදුකාංගයක් මේ දින වල පුවත් මවමින් ඉන්නවා.

ලංකාවෙත් කාලයක් මේක ගැන කතාබහ වුනා. මේ සම්බන්ධව මෑතකදි සිදුවුන සිදුවීම් කිහිපයක් නිසා තමයි නැවතත් මේ මාතෘකාව ගැන ලෝකයාම කතා වෙන්න හේතු වුනේ. මෑතකදි වුන සිදු වීම් ලෙස පහත සිදුවීම් පෙන්වා දෙන්න පුලුවන්

"ඊශ්‍රායලයේ NSO Group එක නිපද වූ Pegasus මෘදුකාංගය භාවිතා කර ලොව පුරා මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ගෙ ඔත්තු බලා ඇති බවට Washington Post වාර්තා කරයි."

මෙයට පෙර Al-Jazeera මාධ්‍යවේදින් පිරිසක් පිළිබඳව ඔත්තු බලා තිබෙනවා මේ Pegasus මෘදුකාංගය යොදාගෙන. ඊයේ දිනයේදි The Guardian සඟරාව විසින් වාර්තා කලා Telegram හී නිර්මාතෘ වන පවෙල් ඩූරොව් මහතාද මෙම Pegasus මෘදුකාංගයේ ගොදුරක් වූ බව. ඔහු මේ පිළිබඳව තම අදහස් ප්‍රකාශ කලා ඔහුගේ නිළ Telegram නාළිකාව හරහා.

ගොඩක් අය මේ සම්බන්ධ ලිපි කියවන්න මැලිකමක් දක්වනවා ටිකක් සංකීර්ණ මාතෘකාවක් නිසා. නමුත් මම මේක හැකිතාක් කෙටියෙන් සහ සරලව කියලා දෙන්න උත්සාහ කරන්නම්.

පෙගසස් කියන්නෙ මොකක්ද?

මේක ඇවිල්ලා ඊශ්‍රායලයේ සයිබර් යුධ උපාංග නිපදවන සමාගමක් වන NSO Group එක විසින් Android හා iOS මෙහෙයුම් පද්ධති ඉලක්ක කරගෙන නිපදවපු Spyware ගණයට අයත් වන මෘදුකාංගයක්. මේක එම මෙහෙයුම් පද්ධති තුළ රහසිගතව ස්ථාපනය කරලා ඔත්තු බලන්න වගේම එම උපාංග වල දත්තයන් එළියට ගන්න තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මෙම Project Pegasus ගැන ලැබෙන නවතම ආරංචි වලට අනුව එයට පුලුවන් IOS 14.6 දක්වා Versions වල වුණත් කිසි ප්‍රශ්නයක් නොමැතිවම දත්ත සූරා කන්න.

Washington Post සහ අනෙකුත් ප්‍රමුඛ මාධ්‍ය මූලාශ්‍රයන්ට අනුව, පෙගසස් Spyware එක දුරකථනයකින් (Text, Email, Web Search) යන සියලුම දේවල් වල ඔත්තු බැලීමට ඉඩ සලසනවා පමණක් නොව, දුරකථන ඇමතුම් සහ ඒවා ලබාගන්නා ස්ථාන සොයා ගැනීමටද හැකියාව ලබා දෙන අතරම NSO Group එකට ඒ සියලුම දත්තයන් ලබාගැනීමටද ඉඩ සලසා දෙනවා. ජංගම දුරකථනයේ මයික්‍රෝෆෝනය සහ කැමරාව නිරන්තර නිරීක්ෂණ උපකරණයක් බවට පත් කරන්නත් මේ හරහා හැකියාව ලැබෙනවා.

මේ NSO සමූහය කලින් අයත් වෙලා තිබ්බෙ ඇමරිකානු පුද්ගලික කොටස් සමාගමක් වන Francisco Partnersලට. පස්සෙ 2019 දි NSO Group එකේ ආරම්භකයන් විසින්ම සමාගමේ අයිතිය එයාලගෙ අතට ගන්නවා NSO පවසන්නේ එමඟින් රජයන්ට, ත්‍රස්තවාදයට හා අපරාධවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වන තාක්ෂණය සපයා දෙන බවයි.

මෙම Spyware එක නම් කර ඇත්තේ මිථ්‍යා පියාපත් සහිත අශ්වයෙකු වන පෙගසස් නම් සත්වයා පාදක කරගෙන වේ. එය Trojan Horse එකක් වන අතර එය දුරකථන වල ඔත්තු බැලීමට හා දත්ත ලබා ගැනීමට ඉඩ සලසා දෙයි.

Pegasus යනු Systems වල ඇති බොහෝ දුර්වල Security Conditions හඳුනාගෙන ඒ හරහා එම උපාංගය තුලට ඇතුල් වී එම උපාංගය සතුව ඇති සියලුම දත්තයන් කොල්ලකන මෘදුකාංගයකි. මෙය දුරකථනට තුළට ඇතුළුවන ක්‍රම කිහිපයක් තිබෙනවා. Victim නොදැනුවත්ව Click කරන Links හරහා වගේම Photos App, Apple Music සහ iMessage හරහාද මෙයට රිංගා ගැනීමට පුළුවන්. පෙගසස් භාවිතා කරන සමහර Exploits වලට Victimගේ කිසිම Click කිරීමක් අවශ්‍ය වන්නෙ නැහැ.

ඒ කියන්නෙ Victimගෙ කිසිදු මැදිහත්වීමකින් තොරව වුනත් එය උපාංගයක ස්ථාපනය කරන්න පුලුවන්. ස්ථාපනය වුනාට පස්සෙ, ඔවුන්ට පුලුවන් ඔවුන්ටම විශේෂිත වූ Codes Run කරලා, Victimගෙ Contacts, Call logs, Messages, Photos, Web Browsing History, Settings වැනිදේ වල දත්ත ලබා ගන්න.

ඒ විතරක්ම නෙමෙයි භයානකම කාරණය කියන්නෙ, අපි එදිනෙදා Chat කරන්න භාවිතා කරන්න භාවිතා කරන iMessage, Gmail, Viber, Facebook, WhatsApp, Telegram සහ Skype යන යෙදුම් වලින්ද තොරතුරු රැස් කිරීමටද මේ පෙගසස් මෘදුකාංගයට හැකි බවටද වාර්තා වෙනවා.

ඉතින් මම කලින් කිව්වා වගේ මේ වගේ කාරණා වලදි Privacy කියලා දෙයක් ඇත්තටම තියෙනවද? අපිට ආරක්ශිතයි කියලා කියන හැමදේම 100%ක් ආරක්ෂිතද කියලා දැන් ඔයාට හිතෙනවා ඇති නේද?

Sources: Wikipedia, The Guardian, Cnet, Washington Post, The Verge, Telegram