Loading...
Zoom කියන්නේ තාක්ෂණයක්ද? ඇත්තටම Zoom කියන්නේ මොකක්ද?

දැන් ලොකයේ නැතුවම බැරි සේවාවක් බවට Zoom සේවාව පත් වි හාමාරයි. එය කුඩා දරුවකු පටන් සෑම වැඩිහිටියෙක් දක්වාම දන්නා කරුණක්. එයට හේතුව වී ඇත්තේ දැනට ලෝකයේ පවතින වසංගත තත්වය නිසා මිනිසුන් “WORK FROM HOME” Concept එකට පුරුදූ වි සිටින නිසාවෙනී. මෙම සේවාව ගොඩක් කාලයකට කලින් සොයා ගත්තත් මෙවැනී ජනප්‍රිය තාවයක් තිබුනේ නැත. එහෙත් අද වන විට විශාල මිනිසුන් ප්‍රමාණයක් මෙය වටා එක් රොක් වී ඇත.

අපි Zoom APP එක ගැන කතා කරන්න පෙර, Zoom සේවාව සොයා ගැනීමට සංකල්පය සොයා බලමු.

මෙම සේවාව නිර්මාණය කර ඇත්තේ, Eric Yuan නැමති පුද්ගලයා විසින් ය. මොහු උපත ලබා ඇත්තේ චිනේ Shandong ප්‍රදේශයේ, මොහුගේ දෙමපියන් ධනවත් පුද්ගලයන් විය. Zoom සේවාව සොයා ගැනීමට සංකල්පය වී ඇත්තේ, මොහු සහ මොහුගේ පෙම්වතිය ඉගෙනුම ලබා ඇත්තේ වෙන වෙනම පිහිටි විශ්වවිද්‍යාල තුලය. එම නිසා හමුවීමට බෙහෙවින් අපහසු වී තිබෙනවා. විටක මොහු පවසා තිබෙනවා, පෙම්වතිය හමුවි ඇත්තේ වසරකටම දෙවතාවක් පමණක්‍ කියා. තම පෙම්වතිය දැක බලා ගැනීමට ක්‍රමවේදයක් සොයා ගැනිමට මොහුට අවශ්‍ය වී තිබිනි. මෙම සිදුවීම පාදක කොට ගෙන Zoom නිර්මණය වීමේ මුලික සංකල්පය බිහී වී ඇත.

දැන් අපි බලමු මොකද්ද මේ Zoom කියන්නේ කියලා

සරලවම Zoom කියන්නේ cloud එක මත පදනම් වූ වීඩියෝ සන්නිවේදන යෙදුමක්, එය අපිට අවස්තා රාශියක් ලබා දි තිබෙනවා, අපගේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සදහා. Video and audio සංවාද, live chats, screen-sharing, වැනි දෑ ඒවයෙන් කිහිපයක් වේ.

ඒවගේම Zoom meeting එකක් හා සම්බන්ද වීමට බලාපොරොත්තු වෙන පුද්ගලයන් හට Zoom account එකක් තිබීම අත්‍යාවශය නොවේ. Mac, Windows, Linux, iOS, and Android යන ඕනෑම OS එකක් භාවිතා කර Zoom සදහා පිවිසීමට හැකියවක් ඇත.

Zoom මිලකරණය (Zoom Pricing)

අපි තවදුරටත් ඉදිරියට යාමට පෙර, මෙම Zoom ආයතනය මගින් එය පරිහරණය කරන පුද්ගලයන්ට විශේෂිත Zoom pricing packages හදුන්වා දී තිබෙනවා. පරිහරණය කරන පුද්ගලයන්ට ගැලපෙන packages තෝරා ගැනීමේ හැකියාවක් එම පුද්ගලයන්ට ඇත. අපි දැන් එම packages ගැන අවදානය යොමු කරමු.

Zoom Basic:

මෙම packages අතරීන් වඩාත්ම ජනප්‍රිය මිල ගණන් ස්ථරය Zoom Basic ස්ථරය වේ. මෙම package එක Zoom ආයතනය විසින් නොමිලේ ලබා දෙනු ඇත. එවාගේම අසීමිතව එකින් එක රැස්වීම් ලබා ගැනීමේ හැකියාවක් ඇත. තිදෙනෙකුට වඩා සිටින වීඩියෝ සම්මන්ත්‍රණය විනාඩි 40 කට සීමා වන අතර ඔබට සෑම විටම තවත් එකක් ආරම්භ කළ හැකිය.

Zoom Pro:

ඔබ කුඩා කණ්ඩායමක් සමඟ වැඩ කරන්නේ නම් හෝ නිතිපතා දිගු වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට අදහස් කරන්නේ නම් pro සැලැස්ම ඉතා සුදුසු ය. කණ්ඩායම් රැස්වීමේ කාලය මිනිත්තු 40 සිට පැය 24 දක්වා දීර්ඝ කිරීමේ හැකියවක් පවතින අතර එහිදී cloud එක මත recorded meetings ගබඩා කිරිමේ හැකියවක් පවතී. ඒවාගෙම host කෙනෙක් මාසයක් සදහා $14.99 මුදලක් ගෙවිය යුතු වේ.

Zoom Business :

කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා zoom ආයතනය විසින් සාදා ඇති ස්ථරය Zoom Business නමින් හැදින්වේ. අවම වශයෙන් Host ලා 10 දෙනෙකුවත් අවශ්‍ය වේ. ඒවගේම මෙම සපයා ඇතී pricing පැකේජයය සදහා එක host කෙනෙක් එක් මාසයක් සදහා $19.99 මුදලක් ගෙවීය යුතු වේ.

Zoom Enterprise:

මෙම ස්ථරය zoom ආයතනය විසින් විශාල ව්‍යාපාර සඳහා නිර්මාණය කර ඇති අතර ලියාපදිංචිය සඳහා අවම වශයෙන් host ලා සිය දෙනෙකුවත් අවශ්‍ය වේ. ඒවගේම මෙම ස්ථරයට සදහා zoom ආයතනය විසින් පරිභෝගිකයන් හට අසීමිත cloud storage එකක් ලබා දී ඇත. මෙම pricing පැකේජයය සදහා එක host කෙනෙකු එක් මාසයක් සදහා $19.99 මුදලක් ගෙවීය යුතු වේ.

වර්ධනය

2013 ජනවාරි මාසයේදී Zoom සාර්ථකව වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලදී. වෙළෙඳපොළට ඉදිරිපත් කර, මාස කිහිපයකට පසූව Zoom සමග මිලියනයක පාරිභෝගික පිරිසක් අත්වැල් බැදගෙන සිටීයේය.

කොරෝනා වසංගතය හේතුවෙන්, මිනිසුන් “work from home” concept එක සදහා පුරුදූ වී සිටි නිසාවෙන්  Zoom  පරිහනය කරන ප්‍රමාණය ඉතා ඉක්මනින් වැඩී විය. එයට සපේක්ෂව ආදයමද වැඩී විය. පසුගිය අවුරුදු කිහිපය තුල  Zoom ලබා ඇතී ලාභය ගැන අවදානය යොමු කරමු.

  • Zoom හී 2019 වසරේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 0.331 ක් වූ අතර එය 2018 ට වඩා 118.19% ක වැඩිවීමකි.
  • Zoom හී 2020 වසරේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 0.623 ක් වූ අතර එය 2019 සිට 88.39% ක වැඩිවීමකි.
  • Zoom හී 2021 වාර්ෂික ආදායම ඩොලර් බිලියන 2.651 ක් වූ අතර එය 2020 සිට 325.81% ක වැඩිවීමකි.
  • 2021 ජූලි 31 න් අවසන් වන මාස දොළහ සඳහා zoom හී ආදායම ඩොලර් බිලියන 3.637 ක් දක්වා වැඩී වී ඇත.

Eric Yuan ගේ මෙම සොයා ගැනීමේ ජනප්‍රියතාව නීසාවෙන් ඔහු ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුලත් වීමටද අවස්තාව සලසා ගන්නා ලදී.