Loading...
2024 Apple වලට කොහොමද ?

හෙටින් අවසන් වන 2023 වසර Apple පාරිභෝගිකයින්ට නම් අලුත් විශේෂාංග රැසක් Apple සමාගම විසින් හඳුන්වා දුන් වසරක් බව කිව යුතුමයි. ඉතින් එළඹෙන 2024 වසර Apple සමාගමට කෙසේ වේවිද ? ඔවුන්ගේ නිෂ්පාදනවල සාර්ථකත්වය කෙසේ වේවි ද ?

ඊට පෙර අපි බලමු මේ වසරේදී Apple සමාගම විසින් එළිදක්වන්න නියමිතව තිබෙන සුවිශේෂිම නව නිෂ්පාදන මොනවද කියල.


වෙළදපොලට නිකුත් වන Vision Pro

Image Source- Apple.com

පසුලිය ජුනි මාසයේදී Apple සමාගම විසින් තාක්ෂණික ලොව උඩුයටිකුරු කරමින් හඳුන්වා දුන් Vision Pro Mixed Reality Headset එක පිළිබඳව ඔබට මතක ඇති බව නිසකයි. (මේ පිළිබඳව වැඩි විස්තර පහතින් ඔබට කියවන්න පුලුවන්)

තාක්ෂණි​ක ලොව උඩු යටිකුරු කරමින් Vision Pro නම් mixed reality headset එකක් එලි දැක්වීමට Apple සමාගම කටයුතු කර​යි
Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙසින් Apple Vision Pro නම් නව Augmented Reality මත ධාවනය වන mixed reality headset එකක් එලිදැක්වීම සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙහිදි සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා මෙය මිලදි ගැනිමේ අවස්ථාව උදා නොවු අතර සංවර්ධකයින්ට සහ මාධ්‍යවේදින්ට මෙහි අත්දැකිම ලබා ගැනිමේ හැකියාව උදා ලැබුණා. ඒ අනුව ඩොලර් 3,499කට ආසන්න මුදලකට එළඹෙන වසර මුලදී මිලදී ගැනිමේ හැකියාව Apple සමාගම විසින් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

2024 iPhone මාදිලිය - iPhone 16

Apple පාරිභෝගිකයින් විසින් නොයිවසිල්ලෙන් බලා සිටින Apple නිෂ්පාදනය මෙය බව නිසකයි.

Image Source - 9to5mac.com

ඉතින් මේ පිළිබඳවත් මිට පෙර අප විසින් ලිපි දෙකක් ඔස්සේම ඔබ වෙත තොරතුරු රැගෙන ඒමට කටයුතු කළ අතර පහතින් ඔබට එම ලිපි නැවත කියවිය හැකි වනවා.

iPhone 16 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part I
Apple සමාගම විසින් මේ වසරේදී නිකුත් කරන ලද iPhone 15 Series එකත් සමඟින් ඉදිරි iPhone Series සඳහා වෙනස්කම් රැසක් සිදු විය හැකි බවට තහවුරු වුවා. ඒ අනුව එළඹෙන වසරේදී ඔවුන් විසින් එළිදැක්වීමට නියමිතව පවතින iPhone 16 Series එක පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඉතින් අද සිට iPhone 16 Series එක පිළිබඳව අලුත් තොරතුරු සියල්ලම ඔබ වෙත රැගෙන ඒමට Android වැඩකාරයෝ අපි සුදානම්. සුපුරුදු පරිදි එළඹෙන 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත Apple සමාගමේ නවතම iPhone S
iPhone 16 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part II
මීළග වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විම නියමිත Apple iPhone 16 Series එකේ Models ගැන, Size එක ගැන, Camera Setup එක ගැන සහ මිල ගණන් පිළිබඳව මේ වෙන විට නිකුත් වි ඇති තොරතුරු මීට පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන එනු ලැබුවා. iPhone 16 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part IApple සමාගම විසින් මේ වසරේදී නිකුත් කරන ලද iPhone 15 Series එකත් සමඟින් ඉදිරි iPhone Series සඳහා වෙනස්කම් රැසක් සිදු විය හැකි බවට තහවුරු වුවා. ඒ අනුව එළඹෙන වසරේදී ඔවුන් විසින් එළිදැක්වීමට නියමිතව පවතින iPhone 16 Ser

ඒ අනුව සුපුරුදු පරිදිම එළඹෙන වසර සැප්තැම්බර් මාසයේදී මේ iPhone 16 Series එක නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

දශකයේ විශිෂ්ඨතම දුරකථනය විය හැකි iPhone SE4

Image Source - macrumors.com

දශකයේ විශිෂ්ඨතම දුරකථනය විය හැකි iPhone එකක් එළඹෙන වසරේදී Apple සමාගම විසින් නිකුත් කිරිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව Android වැඩකාරයෝ අපත් සමඟ රැදි සිටින ඔබ මේ වන විටත් දන්නවා ඇති.

ඒ පිළිබඳව මීට පෙර අප ඔබ වෙත ගෙන ආ ලිපිය පහතින් ඔබට නැවත් කියවිය හැකි වනවා.

දශකයේ විශිෂ්ඨතම දුරකථනය විය හැකි iPhone SE 4
2024 වසරේදී ඔවුන්ගේ iPhone SE මාදිලියේ නවතම Smartphone එක වන iPhone SE 4 නිකුත් කිරීමට සුදානමින් සිටින බව. ඒ අනුව මේ Smartphone එක දශකයේ විශිෂ්ඨතම Smartphone එක වෙනු ඇතැයි ද බොහෝ දෙනා මත පළ කරනු ලබනවා.

මෙය ඩොලර් 499ක වැනි මිලකට නිකුත් වනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

M3 සමඟින් බලගැන්වෙන MacBook Air

Image Source - macrumors.com

ඔබට මතක ඇති Apple සමාගමේ Entry Level MacBook මාදිලිය වන MacBook Air නව මුහුණුවරකින් M2 Chipset එක සමඟින් 2022 වසරේදී එළිදැක්වීමට කටයුතු කලා. මෙහි මීලග මාදිලි පෙළ ලෙස එළඹෙන වසරේදී Apple සමාගම විසින් M3 Chipset එකෙන් බලගැන්වෙන MacBook Air මාදිලියක් නිකුත් කිරීමට සුදානමින් සිටින බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

Apple Watch පෙළේ දසවන සාමාජිකයා - Watch X

Apple Watch පිළිබඳව කතා කිරීමේදී එළඹෙන වසරේදී Apple සමාගමට නිකුත් කිරීමට නියමිතව පවතින්නේ Apple Watch Series 10 එහෙමත් නැතිනම් Apple Watch X.

Image Source - macrumors.com

මේ අනුව මෙය බොහෝ විට iPhone X Series එක මෙන් Special Watch Edition එකක් විය හැකි බව දක්වන්න පුලුවන් දැනට වාර්තා වන තොරතුරුවලට අනුව නව Slim Design එකකින් සහ microLED display එකකින් යුතුව නව Health Features රැසකින් සමන්විතව මේ Watch Series 10 නැතිනම් Watch X නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

සුපුරුදු පරිදිම iPhone 16 මාදිලි පෙළට සමගාමීවම මේ Watch Series එකත් වෙළදපොලට නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.


  • මීට අමතරව iPad Pro මාදිලිය සඳහා 2024 දී OLED display එකක් ලබා දීමටත් Apple සමාගම විසින් කටයුතු කරනු ඇතැයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වනවා.