Loading...
එකම WhatsApp ගිණුම දුරකථන කිහිපයක භාවිතා කිරීමේ හැකියාව ලබාදෙයි

එකවර ජංගම දුරකතන කිහිපයකින් එකම WhatsApp ගිණුම භාවිතා කිරීමේ පහසුකම නුදුරේදීම හඳුන්වා දීමට සුදානම් වන බවට අපි ඔබට මීට පෙර වාර්තා කළා.

මේ පිළිබඳව Meta සමාගමේ CEO Mark Zukerburg විසින් ඊයේ දිනයේදී නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා. එහි ඔහු දක්වා තිබෙන්නේ Multi Device පහසුකම යටතේ එකවර ජංගම දුරකතන 4ක, එකම WhatsApp ගිණුම භාවිතා කළ හැකි බවයි.

මීට පෙර Beta පරිශීලකයන්ට පමණක් ලබා දී තිබූ මේ පහසුකම අද සිට ලොව පුරා සියලුම පරිශීලකයින්ට භාවිතා කළ හැකි වනවා.

මේ පහසුකම භාවිත කරන්නේ කොහොමද ?

ඒ සදහා ඔබට ඔබගේ WhatsApp ගිණුම භාවිතා කිරීමට අවශ්‍ය අනෙක් ජංගම දුරකතනයට WhatsApp Install කර එහි Login Screen එකෙහි ඔබගේ දුරකතන අංකය ලබා දෙන කොටසෙහි ඉහළ ඇති 3 Dot menu එක Click කිරීමෙන් ලැබෙන Link a Device වෙත යන්න.

එවිට ඔබට QR කේතයක් දිස්වනු ඇති. එම කේතය WhatsApp ගිණුම ඇති ප්‍රධාන දුරකතනයේ Linked Devices වෙත ගොස් එහි ඇති Link a Device මත Click කර Scan කර ඔබගේ WhatsApp ගිණුම එම ජංගම දුරකථනය සදහා Link කර ගන්න.

මෙලෙස ඔබට එකම WhatsApp ගිණුම තවත් දුරකථනයක ලෙසින් ජංගම දුරකථන 04 දක්වා භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

Source: WABetaInfo

මෙම පහසුකම ඕනෑම Android හෝ iOS උපාංග අතර ද භාවිතයට හැකි වීම විශේෂත්වයක්.

Sources: blog.whatsapp.com Mark Zuckerberg on Facebook