ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන WhatsApp දුරකථන යෙදවුම ක්‍රියා විරහිත වීමක් සිදුවී ඇත. මෙලෙස WhatsApp සේවාව යම්කිසි දෝශයකට ලක්වීම මෙරට වේලාවෙන් අද දින පස්වරු 12.30 පමණ සිට ආරම්භ වී ඇති අතර එහිදී WhatsApp පරිශීලකයන් සඳහා "Connecting WhatsApp" ලෙසට සඳහන් වන පණිවුඩයක් ලැබීමද සිදුවී ඇත.

Ookla විසින් පිහිටුවා ඇති Downdetector වෙතට මේ වන විට මෙම බිඳවැටීම පිළිබඳව පැමිණිලි 69,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර තවදුරටත් මේ පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතී. මෙම බිඳවැටීම ලොව පුරා වාර්ථා වන අතර බොහෝ පිරිසක් මෙම හේතුව නිසා අපහසුතාවයට පත්වීමට ලක් වී ඇත. මේ වන විට ලැබී ඇති පණිවුඩ අතරින් 55% ක ප්‍රමාණයක් Message Send කිරීමේදී ඇතිවන දෝශ පිළිබඳවත්, 40% ක ප්‍රමාණයක් Server Connection දෝශ පිළිබඳවත් සහ 5% ක ප්‍රමාණයක් WhatsApp යෙදවුම හා සම්බන්ධ වෙනත් දෝශ පිළිබඳවත් වාර්තා කර ඇත.
පහත සඳහන් තොරතුරු මත පිවිසීමෙන් ඔබට මෙහි නවතම වාර්තා නිරීක්ෂණය කළ හැක.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් Meta හි ප්‍රකාශකයෙකු වන Joshua Breckman පවසා ඇත්තේ මෙම තත්ත්වය ඉතාමත් ඉක්මණින් යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
Meta සමාගමට ම අයත් වන අනෙකුත් සමාජ ජාල සඳහ මෙම දෝශය බලපෑමක් ඇති කර නොමැති අතර මෙය WhatsApp සඳහා පමණක් බලපා ඇති බව තවදුරටත් සඳහන් වේ.
#UPDATE | "We're aware that some people are currently having trouble sending messages and we're working to restore WhatsApp for everyone as quickly as possible," says Meta Company Spokesperson
— ANI (@ANI) October 25, 2022
මේ පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා Android වැඩකාරයෝ සමග රැඳී සිටින්න.
Sources: downdetector.co.uk indianexpress.com www.theverge.com