Loading...
WhatsApp Newsletters නමින් නව විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වේ

WhatsAppහි 2.23.5.3 Beta Version එක නිකුත් කිරීමත් සමඟ WhatsApp වෙත Newsletter සේවාවක් හඳුන්වාදීමට Meta සමාගම විසින් සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

Source: hello-charles.com

මෙය WhatsApp Broadcastsහි ම එක්තරා දිගුවක් වන අතර මේ තුළින් පුද්ගලයන් කිහිප දෙනෙකුට එකවර Messages යැවීමට ඉඩ සලසයි. මෙය Instagram වෙත Broadcast Channels නමින් ගෙන ආ විශේෂාංගයට සමාන වේ. එය Messenger වෙතටද ලබා දීමට Meta සමාගම අපේක්ෂා කරන අතර WhatsApp වෙතටද ලබා දීමට සූදානමක් පවතිනවා.

මෙය WhatsApp හි Status Tab එකේම වෙනම කොටසක් ලෙස අඩංගු වන අතර මේ තුළින් Undefined Contacts සඳහා end to encryption සහිතව පණිවිඩ යැවිය හැකි වනවා. කෙසේ නමුත් මේ තුළින් අදාළ Newsletter එකේ Creatorගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා දුරකතන අංකය හා අනෙකුත් තොරතුරු සාමාන්‍ය පරිශීලකයින් සඳහා නොපෙන්වනු ලබනවා.

මෙය official Screenshot එකක් නොවන අතර, මෙය තුළින් ඔබට මෙම WhatsApp Newsletters යනු කුමක්ද යන්න පිළිබඳව අදහසක් ලබා දේ. Source: chatwerk.de

තවද මෑතකදී YouTube වෙත හඳුන්වා දුන් YouTube Handles හි මෙන් මේ එක් එක් Newsletter එක සඳහා Unique Handle එකක් ලැබෙන අතර ඒ තුළින් පරිශීලකයින්ට Search කිරීම මඟින් අදාළ Newsletter එක පහසුවෙන් සොයා ගත හැකි වනවා.

මෙම විශේෂාංගය තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර ඒ නිසා මෙය නිල වශයෙන් නිකුත් වන දිනයක් පිළිබදව දැනට ස්ථිර වශයෙන් කිව නොහැකිවනවා. ඒ සඳහා නවතම තොරතුරු දැන ගැනීමට Android වැඩකාරයෝ සමඟම රැඳී සිටින්න.

Sources: beebom.com wabetainfo.com