Loading...
WhatsApp සඳහා නව Text Formatting Tools කිහිපයක් හඳුන්වාදෙයි

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


WhatsApp හරහා යම් කිසි පණිවිඩයක් යැවීමේදි අහි අකුරු Bold කිරීම, Italic කිරීම යනාදී සරල Text Formatting සිදුකළ හැකි බව ඔබ දැනටමත් දන්නවා. මේවාට අමතරව ඔවුන් විසින් නව Text Formatting Tools කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි පරිදි Code Block, Quote Block සහ Bulleted List යනාදිය මේ නව Formatting Tools වනවා.

Code Block හරහා Programmersලාට WhatsApp හරහා හුවමාරු කර ගන්නා Codes ඉතා පිළිවෙළට කියවීමට හැකිවන ලෙස සකස්වන අතර Quote Block හරහා යම් කෙනෙකු පවසන ලද දෙබසක් හෝ උපුටා ගන්නා ලද්දක් විශේෂ කර දැක්වීම සිදු කළ හැකිවනවා. Bulleted List මඟින් යම් කිසි ලැයිස්තුවක ඇති අයිතම පිළිවෙලකට පණිවිඩය තුළ දැක්විය හැකිවනවා.


මේවා තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර මේවා භාවිතා කරන්නේ කෙසේද යන්න පිළීබඳව තවමත් තිරතුරු වාර්තා වී නැහැ. ඉහත Screenshot එක WhatsApp Desktop එකෙන් ගන්නා ලද්දක් වන අතර ඉදිරියේදී WhatsApp Desktop එකට මෙය නිකුත් වී ඉන් පසුව Android සහ iOS Apps වෙත මෙය නිකුත් වේ යැයි බලාපොරොත්තු විය හැකි වනවා.

Source: wabetainfo.com