Loading...
WhatsApp Web වෙත voice සහ video calls පහසුකම ලබා දීමට සූදානම් ​වේ

ලොව පුරා බිලියන ගණනකගේ ආදරය දිනාගත් WhatsApp මැසේජින් යෙදුම, එහි වෙබ් සංස්කරණයට (web client) voice සහ video ඇමතුම් පහසුක​ම එකතු කිරීමට සූදානම් වෙනවා. මෙම නව විශේෂාංගය දැනට WhatsApp බීටා පරිශීලකයින් (beta users) කිහිප දෙනෙකුට පරීක්ෂා කිරීමට ලැබෙන අතර, ඉදිරියේදී සියලුම පරිශීලකයින්ට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

බාගත කිරීමකින් තොරව ඇමතුම්

මෙතෙක් WhatsApp වෙබ් සංස්කරණය භාවිත කළ පරිශීලකයින්ට ඇමතුම් සඳහා WhatsApp ඩෙස්ක්ටොප් යෙදුම (desktop app) බාගත කිරීමට සිදුවුණා. ඒත්, මේ නව යාවත්කාලීනයත් එක්ක, වෙබ් බ්‍රවුසරය හරහාම වෝයිස් සහ වීඩියෝ ඇමතුම් ආරම්භ කිරීමට පහසු බොත්තම් දෙකක් එකතු වෙනවා. ඒ කියන්නේ, ඔබේ බ්‍රවුසරයේ WhatsApp වෙබ් අඩවියට ගිහින්, QR කේතයක් ස්කෑන් කරලා, එක එල්ලේම ඇමතුමක් ගන්න පුළුවන්. මේක WhatsApp භාවිතය තවත් පහසු කරන, ඩිජිටල් සන්නිවේදනයේ නව පිම්මක්!

බීටා පරිශීලකයින්ට දැනටමත් අත්විඳින්න අවස්ථාව

මේ විශේෂාංගය දැනට WhatsApp බීටා පරිශීලකයින් කිහිප දෙනෙකුට පරීක්ෂා කිරීමට ලැබිල තියෙනවා. ඔවුන්ගේ WhatsApp වෙබ් අතුරුමුහුණතේ චැට් ලිස්ට් එකේ ඉහළින්, එකවර එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඇමතුමක් ගැනීමට බොත්තම් දෙකක් දිස්වෙනවා. මේ බොත්තම් එකතු වුණාම, ඩෙස්ක්ටොප් යෙදුම බාගත කිරීමේ අවශ්‍යතාව ඉවත් වෙලා, වෙබ් පරිශීලකයින්ටත් ඇමතුම් ගැනීම ලේසි වෙනවා.

WhatsApp හි නවතම යාවත්කාලීන රැසක්

WhatsApp මෑතකදී තම පරිශීලකයින්ට විවිධ නව විශේෂාංග රැසක් හඳුන්වාදී තිබෙනවා. මේ අතර, චැට් ඉතිහාසය අපනයනය (exporting chat history) සීමා කිරීමේ විශේෂාංගය, ගෲප් චැට්වලට ත්‍රෙඩ් (threads) එකතු කිරීම, සහ iPhone පරිශීලකයින්ට WhatsApp ඩිෆෝල්ට් මැසේජින් යෙදුම ලෙස තෝරාගැනීමේ හැකියාවත් තිබෙනවා. ඒ වගේම, Android බීටා පරිශීලකයින්ට වීඩියෝ ඇමතුම්වලදී ඉමෝජි යැවීමේ හැකියාවත් පරීක්ෂා කරමින් ඉන්නවා. මේ නව ඇමතුම් පහසුක​ම් එකතුවීමත් එක්ක, WhatsApp තම වෙබ් සංස්කරණයේ භාවිතය තවත් පුළුල් කරනවා.

Source: www.theverge.com wabetainfo.com