බිලියන 2කට අධික පරිශීලකයින්ගෙන් සමන්විත WhatsApp ජාලය මෑත කාලය තුල ඉතා ශීඝ්‍රයෙන් ඔවුන්ගේ පරිශීලකයන්ට නව පහසුකම් රැසක් ලබා දුන් බව ඔබ දන්නවා ඇති. Multiple device support, Disappearing Mode, WhatsApp Advanced Search, WhatsApp Dark mode, Join missed group calls ආදී ඉතා විශාල නව updates ප්‍රමාණයක් පසුගිය කාලය තුල ඔවුන් ලබා දුන්නා. මේ ආකාරයට ඔවුන් ලබා දෙන තවත් නව update එකක් පිලිබදව Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් දන්වා තිබෙනවා.
? WhatsApp beta for Android 2.22.1.1: what’s new?
— WABetaInfo (@WABetaInfo) December 13, 2021
WhatsApp is working on the ability to delete any message in groups for everyone if you're a group admin, in a future update! ?https://t.co/oI7fUiJiI3
මෙලෙස ඔවුන් ලබා දෙන නව පහසුකම වන්නේ WhatsApp Groups තුල Admin වරුන්ට Group එක තුල පවතින Message සියලු දෙනාගෙන් Delete කිරීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස ඔබ WhatsApp Group එකක Admin කෙනෙකු නම් Group එකට යම් පුද්ගලයෙක් එක් කරන අනවශ්‍ය links, අනවශ්‍ය Message ආදිය Group එකේ කිසිවකුට නොපෙනෙන ලෙස Delete කිරීමේ හැකියාව මේ අනුව ලැබෙනවා. මෙලෙස Delete කිරීමෙන් පසු “This was deleted by an admin, (admin name)” (එම Message එක Delete කල Adminගේ නම අවසානයේ) ලෙසින් පෙන්වනු ඇත.

මේ මගින් ඇතැම් පුද්ගලයන් group වලට යොදන අනවශ්‍ය Messages, Fake Links, ව්‍යාජ තොරතුරු ආදිය මීට පෙරදී අදාළ පුද්ගලයා විසින්ම ඉවත් කළ යුතු වුවත් මේ නව යාවත්කාලීන කිරීම යටතේ Group Adminටම එවන් දෑ ඉවත් කිරීමට හැකියාව ලැබේ. බොහෝ දුරට මෙම නව පහසුකම ලබන වසරේ මුල සිට ප්‍රථමයෙන්ම WhatsApp Beta පරිශීලකයන්ටත් පසුව සියලු පරිශීලකයන්ට ලබා දීමට ඉඩ ඇත.
Source: Xda-developers