Loading...
WhatsApp chat history එක Android සහ iOS අතර sync කරගැනීමේ පහසුකම අත්හදා බලයි

WhatsApp එක multi-device support සඳහා වැඩ කරන බව ගොඩක් කල් ඉඳං අපි දැනගෙන හිටියා. ඔයාගේ Smart phone එක, Personal computer එක හෝ Tablet Pc එක එකවරම විවිධ උපාංගවල එකම ගිණුම භාවිතා කරමින් WhatsApp වෙත පිවිසීමට මෙය ඔයාට ඉඩ සලසනවා. Multi-device support එකත් සමඟ තවත් වැදගත් අංගයක් සක්‍රීය කිරීමට WhatsApp කටයුතු කරන බැවින් ඒක usersලට විශාල සහනයක් වෙනවා නිසැකයි.

WhatsApp එක දැනට එකවර access කරන්න primary device එකට අමතරව තවත් devices 4 කට access කරන්න පුළුවන් විදියට සැලසුම් කරනවා. මෙය web wrapper භාවිතා නොකරන බැවින්, සමාගමට ඔයාගේ chat history එක සියලු උපාංග හරහා sync කිරීමට අංගයක් එක් කළ යුතු වෙනවා.

දැන්, විශ්වාසවන්ත tipster කෙනෙක් වෙන WABetaInfo, WhatsApp සමාගම chat history sync කිරීමේ feature එකක් මත වැඩකරන බව හොයාගෙන තියෙනවා. ඒක ඔයාගේ WIFI connection එකට connect වෙලා, ඔයාගේ WhatsApp account එකට log වෙනවා. සහ ඔයාගේ text messages එම secondary device එකට download කරගෙන decrypt කරනවා. Chat backup download කරගැනීමට අවශ්‍ය data ප්‍රමාණය නිසා WIFI connection එකක් මේ වැඩේට ඕනේ වෙනවා.

මේ feature එක desktop client එකේ activate කරගන්නට සහ test කිරීමට WABetaInfo සමත් වෙලා තියෙනවා. ඒත්, second mobile device එකේද මෙම process එක ක්‍රියාත්මක විය යුතු බව ඒ tipsterගේ වාර්තාවේ සඳහන් වෙනවා.

මෙයින් අදහස් කරන්නේ ඔයාගේ chats Android වෙතින් iOS phone එක්කට මාරු කිරීමට උත්සාහ කිරීමට third party software මත විශ්වාසය තැබීමට ඔයාට අවශ්‍ය නොවන බවයි. ඔයා කරන්න තියෙන්නේ ඔයාගේ phone number එක හරහා WhatsApp එකට log වෙන්න විතරක් වෙන අතර කිසිම අමාරුවකින් තොරව chat sync වීම බලන්න පුළුවන්. WhatsApp එකෙන් මීට පෙර වාර්තා වී ඇත්තේ iOS database එක android ආකෘතියට අනුකූල එකක් බවට convert කිරීමට ක්‍රියා කරන බවයි.

Multi-device support මෙන්ම chat history sync කිරීමේ features දෙකම release කිරීම සඳහා දැනට කාල නියමයක් නෑ. WhatsApp සමාගම බොහෝ විට මේ features දෙකම එකවර ගෙන එන්න පුළුවන්.

Source: WAbetainfo