Loading...
VISA හා MASTERCARD එක්ව WhatsApp Pay බ්‍රසීලයෙන් පලවා හරී

බ්‍රසීලයේ දී Launch කරපු WhatsApp Pay සේවාව සතියකට පසු, ඒ රටේ මහ බැංකුව විසින් Temporarily Suspend කරලා තියෙනවා. රොයිටර් පුවත් සේවයට අනුව බැංකු නියාමකයා විසින් Visa සහ Mastercard වෙතින් WhatsApp Pay හරහා Payments සහ Transfers නතර කරන්න කියලා තියෙනවා. මේ නියෝගයට යටත් වීමට වුනේ නැති වුණොත් ඒ අදාල සමාගම් දෙකට දඩ සහ පරිපාලන සම්බාධක (Administrative Sanctions) වලට යටත් වෙන්න වෙනවාලු.

මේ තීරණය පැහැදිලි කරමින් බ්‍රසීල මහ බැංකුව කිව්වේ මේ WhatsApp Pay Service එක Fully Analyze කළ නොහැකි බවයි. මේ Service එක දැන් තියෙන තත්වයට අනුව Competition එකටයි Efficiency එකටයි Data Privacy එකටයි හානි කරන්න පුළුවන් කියලා තමයි WhatsApp Pay Service එක Temporarily Suspend කරලා තියෙන්නේ.

WhatsApp සහ WhatsApp වල Parent Company එක වෙන Facebook, WhatsApp Pay නිසා ඇති වෙච්ච පසුබෑම මේකයි. මේ Service එක 2017 - 2018 දී මුලින්ම Launch අපේක්ෂා කරේ ඉන්දියාවේදී ඒත් ඉන්දියාවේ Data Localization Regulations වලට අනුකූල නොවීම නිසා ඇති වෙලා තිබ්බ කනස්සල්ල හේතුවෙන් එය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ Launch කරගන්න බැරි වෙලා තියෙනවා.

ගිය අවුරුද්දේ මැද හරියෙදි, ඉන්දියාවේ WhatsApp Pay Launch කරන්න ඉඩ නොදෙන ලෙස RBI එක NPCI එකට නියෝග කරලා තියෙනවා. WhatsApp එරට Federal Regulations වලට අනුකූල නොවීම පිළිබඳ කනස්සල්ල නියාමකයා සිය තීරණය පිටුපස ඇති තාර්කිකත්වය පෙන්නලා තියෙනවා. කොහොම වුනත් ඒ සමාගම තිබුණ නියාමන බාධක සියල්ලම ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.

බොහෝ දුරට WhatsApp Pay Service එක ඉන්දියාව තුළ දියත් කිරීමට සූදානම් බව අවසානයේදි කියයි. ඇත්ත වශයෙන්ම, පෙබරවාරි මාසයේ දී නිකුත් කරපු වාර්තාවකින් කියැවුණේ සමාගම විසින් රට පුරා සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් සියලු නියාමන අනුමැතිය ලබාගෙන තියෙනවා කියන එකයි.