ඔබට මතක ඇති ඊයේ (22.04.2021) අපි ඔබට මේ දිනවල WhatsApp තුල ව්‍යාප්ත වෙමින් පවතින WhatsApp Pink නම් Malware එකක් පිළිබඳව තොරතුරු ගෙන ආවා.
මේ WhatsApp Pink Malware එක පිළිබඳව ESET Researchersලා විසින් කරන ලද පරික්ෂණවලින් පසුව ඔවුන් මේ වෙන විට සොයා ගෙන තිබෙනවා මේ Malware එකට Signal, Telegram, Viber හා Skype වැනි යෙදුම් හරහා ලැබෙන පණිවිඩවලට ස්වයංක්‍රීයවම ප්‍රතිචාර දැක්විමේ හැකියාව ඇති බව.
මෙලෙස ස්වයංක්‍රීයවම ප්‍රතිචාර දැක්විමේ හැකියාව මගින් Pink WhatsApp Malware එක ස්ථාපිත WhatsApp ගිණුමකට ලැබෙන සියලු පණිවිඩවලට එම Malware එක මගින් ස්වයංක්‍රීයවම ප්‍රතිචාර දක්වන අතර ඒ සමග Pink WhatsApp App එක බාගත කල හැකි Link එකක් ද යැවිමට කටයුතු කරනවා. මේ Link එක තුලින් පණිවිඩය ලබන්නා Pink WhatsApp App එක බාගත කල හැකි වෙබ් අඩවිය වෙත යොමු කිරිම සිදු වෙනවා.
The “#WhatsApp Pink” trojan can now auto-reply to received messages not only on WhatsApp, but also Signal, Skype, Viber and Telegram. The replies link to a malicious website further distributing the malware. #ESETresearch @LukasStefanko 1/3 pic.twitter.com/B5X0DEQTx2
— ESET research (@ESETresearch) April 19, 2021
කෙසේ වෙතත් මේ Link එක මගින් ගොස් WhatsApp Pink App එක බාගත කර එය Install වු පසු එය විවෘත කිරිමේ දි App එක Install නොවු බව දක්වමින් Pink WhatsApp App icon එක අතුරැදහන් වි යනවා.
ඔවුන් දක්වන ආකාරයට මෙය WhatsApp Pink Malware එක සදහා ඉදිරියේ දි ලබා දිමට නියමිත යම් Update එකක පරික්ෂණක් විය හැකි වෙනවා. මේ තුලින් ඉතා පහසුවෙන් ඔවුන්ට WhatsApp Pink Malware එක පැතිරවිමේ හැකියාව ලබා ගැනිමට ඔවුන් බලාපොරොත්තු වෙන බවයි ඔවුන් සදහන් කරන්නේ.
කෙසේ වෙතත් ඔබ WhatsApp Pink App එක බාගත කර ඇති නම් ඔබගේ Smart Phone එකේ Settings හි ඇති App Manager Setting මගින් මේ සදහා ලබා දි ඇති Permission ඉවත් කර Smart Phone එක තුලින් ඉවත් කර දැමිමේ හැකියාව පවතිනවා.
Source : Bleeping Computer