Loading...
QR Code එකෙන් Whatsapp contacts Add කරගැනීමට හැකි නව feature එකක්

Latest WhatsApp Beta version එකේදී අපිට පුලුවන් වෙනවා QR Code එක Scan කරලා Contacts Add කරගන්න. මේ Feature එක iOS සහ Android  දෙකේම Beta version එකේදී අපිට හොයාගන්න පුළුවන් App Settings menu  එකේදි. මෙතනදි අපේ Code එක අපිට බලාගන්නත් අනිත් users ලගෙ Code අපිට scan කරගන්නත් පුළුවන්. මේ QR code එක Revoke කරගන්නත් පුළුවන් අපිට අපි Number එක දෙන්න අකමැති කෙනෙක්ට Share වෙලා තිබ්බොත්.

මේක Minor Feature එකක් , නමුත් වෙලාවකට Contacts Add කර කර ඉන්න එක වදයක් නිසා ලග ඉන්න කෙනෙක්ට අපිට ටග්ගාලා Photo එකක් Video එකක් හෝ Document එකක් Share කරගන්න නම්බර් එක අහ අහ ඉන්න දෙයක් නෑ QR code එක scan කරලා ඉතා ඉක්මනින් ඒ අවශ්‍ය Document එක යවන්න පුළුවන් අපිට. මෙතනදි instantly Number එක View කරලා අපිට Documents යවන්න පුළුවන් උනාට Contact එක Save කරගන්න අපිට Normal procedure එක use කරන්න වෙනවා.

මේ Feature එක දැනට Beta තිබුනට Main App එකේදි මේක කවදා දකින්න පුළුවන් වෙයිද කියලා නෑ. තමන්ට අවශ්‍ය නම් මේ Link එකෙන් ගිහින් WhatsApp Beta එකට Join වෙන්න පුළුවන්. නමුත් iOS Beta එක නම් ආරන්චි වුනු විදියට Closed.