Loading...
Search by Date සහ තවත් අළුත්ම features කීපයක් WhatsApp beta වෙත එක් කරයි, නුදුරේම ඔයාටත්

WhatsApp වල අළුත්ම තොරතුරු අරං එන විශ්වාසවන්ත tipster කෙනෙක්, එහෙමත් නැත්තම් ඔය ලීක් කරන අය කියන අයගෙන් ඉන්න එකම එක්කෙනා තමයි WABetaInfo කියන්නේ. ඉතිං අද එයාලගෙන් ආපු update එකක හැටියට ඉස්සරහට එන WhatsApp update එකකින් අපිට WhatsApp messages නියමිත දිනයක් සඳහන් කරල search කිරීමේ හැකියාවත් තව අළුත් features කීපයක් එකතු වෙලා තියෙනවා.

WABetaInfo කියන්නේ WhatsApp වල Beta testersලා කීප දෙනෙක් එකතු වෙලා හදපු community එකක්. ඉතිං මෙයාල ගේන tips වල නිරවද්‍යතාවය නම් 100%ක් නිවැරදි කියල මුළු ලෝකයේම විශ්වාස කරනවා.

ඕන දවසට එක පාර ගිහින් බලන්න Search by Date

නමේ තියෙන විදිහටම අපිට මැසේජස් සර්ච් කරන්න තියෙන එකේදි සර්ච් රිසට් එක නියමිත දිනයකට filter කරලා ගන්න පුළුවන් විදිහට අළුත්ම search feature එකක් දෙන්නයි හදන්නේ. මේ feature එක නම් මේ වෙනකොටත් Telegram වල තියෙනවා.

රූපයේ තියෙනවා වගේ calendar icon එකක් අපිට දකින්න හම්බේවී beta එකෙන් live එකට ආවට පස්සේ. එතනින් අපිට අවශ්‍ය දිනය තෝරගත්තට පස්සේ ඒ දිනයට අදාල මැසේජස් ටික බලාගන්න පුළුවන් වෙයි.

whatsapp search by date
Image: WABetaInfo

මෙය දැනට WhatsApp beta for iOSහි පමණක් දක්නට ඇති අතර WhatsApp testflight  program එකට මේ වෙනකොට අලුතෙන් කිසිම කෙනෙක්ට join වෙන්න විදිහක් නෑ beta testing slots සේරම මේ වෙනකොට fill වෙලා නිසා. ඒ කොහොම උනත් ඉක්මනටම Android beta channel එකටත් ඉක්මනටම මේ update එක එයි.

මතක තියා ගන්න ඔයා ඉන්නේ WhatsApp beta program එකේ නෙවෙයිනම් තාම ඔයාට මේක ඇවිත් නෑ.

අළුතෙන් හදපු Storage Usage

WhatsApp ව්ල දැන් තියෙන Storage usage එක තවත් කොටස් දෙකකට බෙදලා අළුතින්ම redesign කරල තියෙනවා. එතනදි අපිට Large files සහ Forwarded files ලෙස කොටස් දෙකකට බෙදල තියෙනවා. එතනින් අපිට පුළුවන් ලේසියෙන්ම අපිට forward කරපු images, videos එක පාරින්ම අපේ storage එකෙන් අයින් කරල දාන්න. ඒ වගේම ප්‍රමාණයෙන් විශාල files එක වර හඳුනාගෙන delete කරල අපිට අපේ storage එක manage කරගන්නත් පුළුවන්.

Whatsapp Storage Use Redesign
Image: WABetaInfo

Starred කරපුවා හැර සේරම එක පාර delete කරන්න

අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ, නමෙන්ම කියවෙනවා මොකක්ද වෙන්නේ කියලා. මේ feature එකේදී අපිට පුළුවන් starred chat ටික හැර අපිට අවශ්‍ය නැති chats සියල්ල එක පාර delete කරලා දාන්න.

ඒ එක්කම ඉදිරියේදී මේ feature එකට අමතරව starred chats වල හැර අනිත් chat සේරගේම තියෙන media files සේරම එකපාර clear කරල දාන්න පුළුවන් විදිහේ feature එකකුත් එනවා කියලා WABetaInfo එකේ කියනවා. ඒ උනත් අපිට තාම ඒ ගැන නම් හරියට confirm කරගන්න තරම් source එකක් නෑ.

Whatsapp Clear Except Starred
Image: WABetaInfo

Search Image on Web for iOS

මේ වෙනකොට WhatsApp beta usersලට හම්බෙලා තියෙන feature එකක් තමයි කවුරු හරි forward කරපු මැසේජ් එකක් ගැන එතනින්ම අන්තර්ජාලය හරහා search කරන එක.

ඉතිං මේ feature එකම images වලටත් දීලා තියෙනවා අලුත් beta එකේදී. මේ හරහා ඔයාට හැකියාව ලැබෙනවා ඔයාට forward කරන සමහර මැසේජ් වල සත්‍ය අසත්‍යතාවය ගැන හොයාගන්න.

Search Messages on Web for iOS
Image: WABetaInfo

Dark Mode එකට අළුත් Chat Bubble Color එකක්

Although WhatsApp did finally bring dark mode, the overall color selection is not something dark mode enthusiasts would endorse. Well, it appears like the company is experimenting with a new lighter shade of green (pictured below) in an attempt to set things right.

WhatsApp එක dark mode එක release කරාට පස්සේ ගොඩක් අය කියපු දෙයක් තමයි Dark mode එකේදී  chat bubble එකේ color එක match වෙන්නේ නෑ, ඒක dark වැඩී කියන එක. ඉතිං මේ පාර ආපු beta update එකේදී ඒක වෙනස් කරල ලා පාටකින් එවලා තියෙනවා. ඒත් අළුත් පාට නම් එච්චර හරි නෑ. කොහොමත් මං නම් dark mode use කරන්නේම නැති නිසා මට නම් ප්‍රශ්නයක් නෑ.

New Chat Bubble Color on Dark Mode
Image: WABetaInfo

මේ තමයි ඉදිරි මාස කීපය තුලදී අපිට එන්න තියෙන updates වලට ඇතුලත් වෙන දේවල්. ඒ අතරතුරේදී තවත් beta updates වලින් තවත් features හම්බවේවී. ඒවා ගැනත් අපි ඉක්මනට අරගෙන එන්නම්.

Source: WABetaInfo