Loading...
iPhone model කිහිපයකට WhatsApp නවතා දැමීමට සූදානම් වෙයි

WhatsApp කියන්නේ මේ වන විට ලොව ජනප්‍රියතම Instant Messaging Service එකක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. කෙසේ වුවත් කාලයත් සමඟ මේ Service යාවත්කාලීන විමේදී සමහර පැරණි Devices සඳහා ලබා දෙන සහාය නවත්වා දමනවා. ඒ අනුව වසරින් වසර iPhone සහ Android Model කිහිපයකට WhatsApp සඳහා වන සහාය නවතා දැමීමට Meta ආයතනය කටයුතු කරනු ලබනවා.

එළඹෙන 2025 වසරේ සිට WhatsApp සහාය නවතා දමන iPhone පිළිබඳව මෙසේ නිවේදනය කොට තිබෙනවා.

දැනට ඔබට WhatsApp භාවිත කිරීමට නම් iOS 12 හෝ ඊට පසු නිකුත් වූ version එකක් තිබීමට අත්‍යාවශ්‍ය වනවා. මෙයත් සමඟ එය iOS 15.1 හෝ ඊට වැඩි version එකක් අවශ්‍ය ලෙසින් වෙනස් වනවා.

ඒ අනුව,

  • iPhone 5s
  • iPhone 6
  • iPhone 6 Plus

යන Devices සඳහා WhatsApp භාවිතා කිරීමේ හැකියාව නවතා දමනවා.

ඔබගේ Device එක මීට පසු නිකුත් වූ Device එකක් නම් සහ එහි තවමත් පවතින්නේ iOS 15.1ට වඩා පරණ Version එකක් නම් මේ ආකාරයේ පණිවුඩයක් WhatsApp මඟින් ඔබට දිස්වනවා.

2025 මැයි මස 5වන දින සිට නිල වශයෙන් iOS 15.1 වලින් පහළ Devices සඳහා WhatsApp Support එක නවතා දමන අතර ඊට ප්‍රථම ඔබගේ Device එක Update කර ගැනීම හෝ iOS 15 සඳහා සහය නොදක්වන්නේ නම් වෙනත් Device එකකට මාරු වීම හෝ සිදු කළ යුතු වනවා.

Source: wabetainfo.com
මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.