WhatsApp Web පහසුකම මීට බොහෝ කලකට පෙර සිට ලබාදී තිබුණත්, බොහෝ දෙනෙකු බොහෝ කලෙක සිට මේ හරහා Status upload කිරීමේ හැකියාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් දිගින් දිගටම වෙනත් පහසුකම් මේ සඳහා ලැබුණත්, මෙම Status Upload කිරීමේ හැකියාව නම් ලැබුණේ නැහැ.
කෙසේ නමුත් මේ වන විට WhatsApp Web සඳහා නිකුත් කර ඇති නවතම පහසුකම් තුළින් WhatsApp Web හරහා Status Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.
ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Status Section එකට ගිය විට එහි ඉහළින්ම ඇති My Status මත Click කිරීමෙන් ලැබෙන Menu එක හරහා ඔබට පළ කිරීමට අවශ්‍ය වන්නේ text එකත් එහෙමත් නැතිනම් Photo & Video එකක් ද යන වග තෝරාගත හැකිවනවා.
කෙසේනමුත් මෙම පහසුකම් මේ වන විට සක්‍රීයව ඇත්තේ WhatsApp Web හි Beta Program එකෙහි සාමාජිකයන්ට පමණක් වන අතර නුදුරේදීම සාමාන්‍ය පරිශීලකයන්ට සහ WhatsApp Desktop යෙදවුම වෙතද මෙය බලාපොරොත්තු විය හැකියි.
Source: wabetainfo.com Cover Image: chanty.com