ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් භාවිතා කරන ජනප්‍රියතම ක්ෂණික පණිවිඩ හුවමාරු සේවාව වන WhatsApp, තම පරිශීලකයින් සඳහා ඉතා වැදගත් සහ කාලීන නව අංගයක් හඳුන්වා දීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව, මින් ඉදිරියට පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පණිවිඩයක් නියමිත වේලාවකදී ස්වයංක්‍රීයව යැවීමට හැකි වන පරිදි 'Schedule' කිරීමේ හැකියාව හිමි වනු ඇත.
මොකක්ද මේ ‘Message Scheduling’ පහසුකම?
දැනට පවතින ක්‍රමවේදය අනුව, අපට යම් පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම් එම මොහොතේම එය Type කර Send කිරීමට අවශ්‍ය වනවා. නමුත් මෙම නව 'Scheduled Messages' විශේෂාංගය මගින්, පරිශීලකයාට තමන්ට අවශ්‍ය පණිවිඩය කලින් සකස් කර, එය ලබන්නා වෙත ලැබිය යුතු නිවැරදි දිනය සහ වේලාව නියම කිරීමට අවස්ථාව සැලසේ.
ඔබ නියම කළ වේලාව පැමිණි විට, ඔබගේ මැදිහත්වීමකින් තොරවම WhatsApp මගින් එම පණිවිඩය අදාළ Chat එකට යවනු ඇත.
Individual සහ Group Chats සඳහා එකසේ වලංගුයි
මෙම පහසුකම Individual Chats මෙන්ම Group Chats සඳහා ද ලබා දීමට WhatsApp කටයුතු කරමින් සිටී. සාමාන්‍යයෙන් මෙවැනි පහසුකම් මුලින්ම Business Accounts සඳහා පමණක් සීමා වුවද, මෙවර මෙය සියලුම පරිශීලකයින්ට ලබා දීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.
පණිවිඩයක් Schedule කළ පසු, එය Chat Info Screen හි ඇති 'Scheduled Messages' නමැති විශේෂ කොටසක දිස්වනු ඇත. එහිදී ඔබ විසින් ඉදිරියට යැවීමට නියමිත පණිවිඩ සංඛ්‍යාව සහ ඒවායේ විස්තර බලා ගැනීමට හැකියාව ලැබේ.

මෙහි ඇති තවත් වැදගත් අංගයක් වන්නේ පණිවිඩය යැවීමට පෙර ඕනෑම අවස්ථාවක එය අවලංගු කිරීමට හෝ මකා දැමීමට පරිශීලකයාට ඇති හැකියාවයි. පණිවිඩය නියමිත වේලාවට පෙර මකා දැමුවහොත්, ඒ පිළිබඳව කිසිදු දැනුම්දීමක් පණිවිඩය ලැබීමට සිටි පුද්ගලයාට නොයනු ඇත. මන්දයත්, එම පණිවිඩය Send වන්නේ ඔබ නියම කළ වේලාවට පමණක් වන බැවිනි.
මීට පෙර පැවති ක්‍රමවේද සහ වර්තමාන දියුණුව
මීට පෙර iOS පරිශීලකයින්ට WhatsApp පණිවිඩ Schedule කිරීම සඳහා 'Shortcuts' App එක හරහා සංකීර්ණ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට සිදු විය. එසේම Android පරිශීලකයින් ඇතැම් Third-party apps භාවිතා කළද, ඒවායේ ආරක්ෂාව පිළිබඳව ගැටලු පැවතිණි.
නමුත් දැන් WhatsApp විසින්ම සෘජුවම මෙම පහසුකම ලබා දීමට කටයුතු කිරීම නිසා දත්ත ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳව සැකයකින් තොරව මෙය භාවිතා කිරීමට අවස්ථාව සැලසේ.
කලින් සඳහන් කළ පරිදි, WhatsApp Business පරිශීලකයින්ට 'Business Broadcasts' වැනි විශේෂාංග හරහා පණිවිඩ Schedule කිරීමේ හැකියාව දැනටමත් පවතී. නමුත් එය ගෙවීම් සහිත සේවාවක් ලෙස ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක වේ. එහෙත් නව Scheduled Messages විශේෂාංගය සියල්ලන්ටම සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙය ක්‍රියාවට නැංවෙන්නේ කවදාද?
දැනට මෙම විශේෂාංගය පවතින්නේ සංවර්ධන මට්ටමේ පමණි. එය තවමත් Beta පරීක්ෂකයින් සඳහා පවා විවෘත වී නොමැත. Development අවසන් වූ පසු, එය මුලින්ම බීටා පරිශීලකයින්ටත්, ඉන් අනතුරුව ලොව පුරා සිටින සියලුම පරිශීලකයින්ටත් නිල වශයෙන් ලබා දීමට නියමිතය.
කෙසේ වෙතත්, තවමත් මෙය පොදු ජනතාවට නිකුත් කරන නිශ්චිත දිනයක් පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් නිකුත් වී නැත.
Sources: wabetainfo.com gsmarena.com








